World

පාකිස්ථානයේ සුෆී මුස්ලිම් පල්ලියකට ISIS ප්‍රහාරයක්… 70 බිලි !!

දකුණුදිග පාකිස්ථානයේ සින්ධි ප්‍රාන්තයේ සුප්‍රසිද්ධ සුෆි මුස්ලිම් පල්ලියක් ඉලක්ක කරමින් ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 70කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම ප්‍රහාරයේ වගකීම අයි.එස් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන තිබිණි. අයි.එස් ත්‍රස්ත සංවිධානය මේ වනවිට පාකිස්තානය තුළ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන බව ආරක්ෂක සහ බුද්ධි තොරතුරු විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

මේ අතර ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 48 දෙනකු මියගොස් 55 දෙනකු තුවාල ලබා ඇත.එම ප්‍රහාරයේ වගකීම ද අයි.එස් ත්‍රස්ත සංවිධානය බාරගෙන තිබිණි.

Related posts

නවසීලන්තයේ තවත් ප්‍රබල භූ කම්පනයක්

colombotoday

රුවුල නැතිනම් රැකියාවෙන් දොට්ට

colombotoday

චීනය පරදවමින් ස්පාඥ්ඥය කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් තෙවන ස්ථානයට

colombotoday

ට්‍රම්ප් නැවතත් ලෝක සෞඛ්‍ය සංවිධානය අමතයි

colombotoday

ජාත්‍යන්තර අධිකරණය, හිටපු අයිවරි කොස්‌ට්‌ ජනපති යුද අපරාධ චෝදනා චෝදනාවලින් නිදහස්‌ කරයි

colombotoday

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගටෙයි – 26ක් මරුට

Admin