Colombo Today Local News

පුරාවස්තු සංරක්ෂණයට ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න ජනපති නියෝග කරයි !

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව සහ පුරාවස්තු ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සදහා ප්‍රමාණවත් නිලධාරීන් නැතැයි පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරයාට එහිදී දැනුම් දුන් අතර, අදාල පුරප්පාඩු පිරිවීම සදහා කටයුතු කරන ලෙසත්, පුරාවිද්‍යාත්මක ස්ථානවල ආරක්ෂාව සහ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ පවතින බාධා ඉවත්කර ඒවා විධිමත් කරගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා පුරාවිද්‍යා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක බලකාය යෙදවීමටද ජනාධිපතිවරයා පසුගියදා උපදෙස් දුන් අතර, එම කටයුතුවල ප්‍රගතියද මෙහිදී විමසා බලා තිබේ.

මෙම සාකච්ඡාවට පුරාවිද්‍යා චක්‍රවර්තා පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි සහ දයා ගමගේ ඇමතිවරයා සහ පුරාවිද්‍යා බලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

විල්පත්තු වන සංහාරය පිළිදවද ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සහ එල්ලාවල මේධානන්ද හිමියන් එහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇත. එහිදී අදහස් දක්මින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසා ඇත්තේ, විල්පත්තු සංහාරය තවමත් නවතා ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට දැඩි ලෙස චෝදනා එල්ලවී තිබෙන බවයි. එවකට බලධාරීන් එම සිදුවීමට අදාළ පියවර නොගැනීම නිසා විල්පත්තු සංහාරය අදටද නවත්වාගත නොහැකි ව්‍යාකූල තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවත්, එබැවින් මෙවැනි සිදුවීම් ඇතිවූ වහාම අවශ්‍ය කඩිනම් පියවර ගැනීම තුළින් ප්‍රශ්නය ඔඩු දිවීම නවතා ගත හැකි බවත් පෙන්වා දී ඇත. එබැවින් එවැනි සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් තීරණ ගැනීමට පසුබට නොවන්නැයිද ප්‍රකාශ කර ඇත.

[fbvideo link=”https://www.facebook.com/sinhaputhunnew/videos/1311469398891335/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

යුධ අපරාධ කළෝ කවරහුද?

colombotoday

මියගිය පළාත් සභා යාවත් කාලීන කිරීම වෙනුවට රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න. – මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි.

colombotoday

පන්සලක ඉඩමක් උකස් තබා මුදල් ගත්තා යෑයි රංජන් කී ඩීවී උපුල්ගෙන් රන්ජන්ට අභියෝගයක්

colombotoday

රෙද්දේ බද්දත් ඉහළට… සෙස් බද්දට අමතරව 15%ක වැට් බද්දක්…

colombotoday

කට නිසා රාජිත හොට බිම ඇන ගනී.. මාධ්‍ය හමුවේ කළ අපහාසයට වන්දි ඉල්ලා නඩු දමයි

colombotoday

නිදහස සැමරීමට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක්

Admin