Colombo Today Local News

NGO වලට උදව්වට CIA ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකට ඩොලර් මිලියන 1.7 ක මුදලක්‌ ලබාදීමට ඇමරිකාවේ සී. අයි. ඒ. සංවිධානය තීරණය කර ඇත. ඔවුන් මෙම මුදල ලබාදෙන්නේ යුද අපරාධ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වෙන ක්‍රියාවලියක්‌ සකස්‌ කිරීම සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා එම ක්‍රියාවලිය හරහා දණ්‌ඩනයට යටත් කිරීම යන කාර්ය සඳහාය.

මෙම මුදල ලැබෙනුයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ඇමරිකන් රාජ්‍ය මණ්‌ඩලය නමැති සංවිධානය හරහාය.

මෙම අරමුදල් සැපයීම සඳහා 2017 පෙබරවාරි 13 දාට පෙර ඉල්ලුම් කරන ලෙස ඇමරිකානු බලධාරීන් මෙරට රාජ්‍ය නොවන සංවිධානවලින් ඉල්ලා තිබේ.

මෙයට අමතරව ඇමරිකානු යූ එස්‌ ඒඩ් සංවිධානය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීමේ ව්‍යාපෘති ශක්‌තිමත් කිරීම සඳහා ඩොලර් මිලියන 13.7 ක මුදලක්‌ ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර ඇත.

යහපාලන ක්‍රියාදාමයට සම්බන්ධ ව්‍යාපෘති සඳහා වැය කිරීමේ අරමුණින් මෙම අරමුදල සපයන බව ඇමරිකානු බලධාරීන් තවදුරටත් දක්‌වා තිබේ.

ඇමරිකානු රජය මෙම අරමුදල් සැපයීමට තීරණය කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් නව ජනාධිපති ලෙස දිවුරුම් දීමට පෙරය.

විදේශ රටවල කටයුතුවලට මැදිහත් නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

මට්ටක්කුලියේදී ඇල්ලු මත්ද්‍රව්‍ය ජාවාරමක මහමොළ කරු ඉන්දියාවේ | සංවිධානාත්මකව මත්ද්‍රව්‍ය බෙදා හරින බවට අනාවරණයක්

colombotoday

මැදවච්චියෙන් වසර 1700ක් පැරණි සෙල් ලිපියක් හමුවෙයි!

colombotoday

කොවිඩ් එන්නත නොගත් හා පළමු මාත්‍රාව පමණක් ලබා ගත් අයට ඩෙල්ටා ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්

colombotoday

පැකට් කළ ආහාරවලට පාලන මිලක් එයි

colombotoday

තාවකාලික රියැදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

colombotoday

ටෙලිකොම් ආයතනයට අතුරු තහනමක්

colombotoday