ප්‍රශ්නය – එදා හම්බන්තොට වරාය පරිශ්‍රයේදී නාවික හමුදාපති මාධ්‍යවේදියාට ගැහුවාද?
පිළිතුර – ගැහුව විතරක් නෙමෙයි, කුණුහරුපෙන් බැණල බෙල්ලත් මිරිකුවා.
මේ, අද ජනමතය පිළිබඳ උපකල්පිත ප්‍රශ්නෝත්තර සටහනකි. නමුත් ඇත්තටම එදා හම්බන්තොට වරාය පරිශ්‍රයේදී සිදුවූයේ කුමක්‌ද? හම්බන්තොට සිට පේදුරුතුඩුව දක්‌වා අපේ රට උද්ඝෝෂණ හා වැඩවර්ජන නිසා උණුසුම් වෙමින් තිබේද? ජාතික ආරක්‍ෂාව ස්‌ථාවරත්වයේ සිට අස්‌ථාවරත්වය දක්‌වා පල්ලම් බසිමින් ඇද්ද? සම්මුති ආණ්‌ඩුව ලිච්ඡවි මූලධර්මයනට පස්‌ස හරවමින් සිටිනා වටපිටාවක 2017 වසර අප වෙත ගෙන එමින් ඇත්තේ කවරාකාර තර්ජනයන්ද?
‘දිවයින’ ඉදිරිපත් කළ ඉහත ආකාර පැනයන්ට පසුගියදා පිළිතුරු සැපයූවේ ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතායි.
ප්‍ර ( ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම් තනතුර දක්‌වා රාජ්‍ය සේවය තුළ ඔබ ආ ගමන කෙබඳුද?
පි ( මම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අවුරුදු 20 ක් වැඩ කරල විශ්‍රාම ගත්තට පස්‌සෙ මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශවලත් ජාත්‍යන්තර ආයතන කිහිපයකත් සභාපති ධුරය දැරුවා, විශේෂඥයකු හා පර්යේෂකයකු විදිහටත් වැඩ කළා. අවසානයට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ ලේකම් ලෙස වසර 15 ක් සේවය කරල තිබියදී ගිය වර්ෂයේ සැප්තැම්බර් මාසෙ ආරක්‍ෂක ලේකම් විදිහට පත්වීම් ලැබුවා.
ප්‍ර ( වසර 30 ක දැවැන්ත යුද්ධයක් නිමවෙලා අවුරුදු දහයක්‌වත් ගතවෙන්න කලින් තමයි ඔබ ආරක්‍ෂක ලේකම් කියන තනතුරට පත්වෙන්නෙ.
පි ( ඔව්. යුද සමයෙ මේ තනතුර දැරුවෙ ගෝඨාභය රාජපක්‍ෂ මහතා. මට යුද්ධය පිළිබඳ විශේෂඥ දැනුමක් නැහැ. නමුත් මා හට කළමනාකරණය පිළිබඳ දැනුමක් තිබෙනවා. මා ඊට අදාළව වසර 40 ක් පමණ සේවය කරල තියෙනවා. මම මේ ලේකම් ධුරය දකින්නේ කළමනාකාරිත්වය පිළිබඳ දෙයක් විදිහට. අපට හොඳ කාර්ය මණ්‌ඩලයක් හා විශේෂඥ දැනුම සහිත නිලධාරීන් ඉන්නවා. මෙහිදී අවශ්‍ය වෙන්නෙ සැලසුම් කිරීම, නිසි පරිපාලනය සහ නිවැරදි නායකත්වය කියන දේවල්. කළමනාකරණයේ මූලික අංශයක් වන මානව සම්පත, ද්‍රව්‍ය හා යන්ත්‍ර සූත්‍ර මෙන්ම මුදල් හා කාලය (පැබල ප්එeරස්‌කල ප්ජයසබැරහල පදබැහ ) පසබමඑe) පිළිබඳව අවධානය යොමුකරමින් කලබලයකින් තොරව අත්දැකීම් ප්‍රයෝජනයට ගනිමින් නිරන්තර අවධානයකින් මේ කාර්යයයේ නිරතවීම තමයි අවශ්‍ය. මම රජයට පමණක් වැඩ කරන කෙනෙක් නෙවෙයි. මහජනතාව, පෞද්ගලික අංශය, ජනමාධ්‍ය, විදේශ සේවය ආදී සියලු දෙනා සමඟම මිත්‍රශීලීව කටයුතු කළ යුතුයි.
ආයතනයකින් යමක් කරගන්න නම් එතන කවුරුහරි දන්න කෙනෙක් ඉන්න ඕනි කියන විශ්වාසය අපි අතර තියෙනවා. මේක විශාල වැරැද්දකි. සිදුවිය යුත්තේ වැඩ කර ගැනීමට පහසු නිවැරදි ක්‍රමවේදයක් ස්‌ථාපිත කර තැබීමයි. මා උදැසන 5.45 සිට රාත්‍රි 11 පමණ තෙක් මගේ සේවයේ නියෑලෙනවා. මා සිතන්නේ ආරක්‍ෂක ලේකම්ට මහන්සි වී වැඩ කිරීමේ මෙන්ම හොඳට ඔරොත්තු දීමේ හැකියාවක් තිබිය යුතුයි.
ප්‍ර ( පසුගිය සතියෙ හම්බන්තොට වරායේ සිදු වූ දේ පිළිබඳව විස්‌තර කළොත්.
පි ( පෞද්ගලික ආයතන හරහා රැකියා ලබාදීමෙන් අනතුරුව ඒවා ස්‌ථිර කිරීමට කරන ඉල්ලීමක්. ආයතනයට හෙණ ගැහුවත් රැකියා දිය යුතුයි කියන ආකල්පයෙන් අප මිදිය යුතුයි. දැන් හම්බන්තොට ඒ වර්ජකයන් වරායේ දේපළවලට කරල තියෙන හානිය මාධ්‍ය මගින් ප්‍රමාණවත්ව වාර්තා වුණාද? (ඊට අදාළ ඡායාරූප රාශියක් පෙන්වමින්) මෙයින් රටට සිදු වූ පාඩුව හා අපේ ප්‍රතිරූපයට සිදු වූ හානිය ගැන අද මාධ්‍ය තුළ කතා වෙන්නෙ නැහැ. ලෝකෙ තුන්වන විශාලතම මෝටර් රථ ගෙනයන නෞකාව එතන තිබුණ. දැන් අපේ රටට ඇ.ඩො. 400,000 ක අලාභයක් ගෙවන්න සිද්ධවෙලා තියෙනවා. කවුද මේව ගෙවන්නෙ?
ප්‍ර ( නාවික හමුදාපති සම්බන්ධ සිදුවීමේදී ඔබ දකින්නෙ මාධ්‍ය පැත්තෙන් අඩුපාඩු සිදුවුණා කියන එකද?
පි ( ඔව්. නමුත් මා ඒ ගැන සොයා බලමින් ඉන්නෙ. නාවික හමුදාපතිතුමාගෙන් මා ඒ සිද්ධිය පිළිබඳ වාර්තාවක් ඉල්ලල තියෙනව. (මේ අතර නාවික හමුදාපති රවීන්ද්‍ර විඡේගුණවර්ධන ආරක්‍ෂක ලේකම් හමුවීමට පැමිණේ. විනාඩි කිහිපයක සාකච්ඡාවකින් පසුව ඔහුට ආචාර කොට පිටව යයි.) මා හිතන්නේ මාධ්‍ය අද කරන්නේ අලකලංචි වාර්තා කිරීම විතරයි. ඔවුන් සිය වගකීමෙන් බොහෝ විට බැහැර වුණු බවක් පේනවා. හම්බන්තොට සිද්ධිය ගත්තත් අපිට පේන්නෙ කැමරාවක් ගත්ත පමණින් කෙනෙක් ‘මාධ්‍යවේදියෙක්’ වෙන්න පුළුවන්ද කියන කාරණය. මා හට ඉංජිනේරු විෂය සම්බන්ධයෙන් ‘විද්‍යාවේදී’ උපාධියක් තියෙනවා. ‘වේදියෙක්’ වන විට තමාගේ කාර්යභාරය සම්බන්ධයෙන් පුළුල් අවබෝධයක් තිබිය යුතුයි. එතන නාවික හමුදාවෙන් ඊට වඩා දරුණු ප්‍රතිචාරයක් පවා එල්ලවීමේ ඉඩකඩ තිබුණා. එය නැව් කොල්ලකෑමක් හා සමාන විය හැකි තත්ත්වයක්. කෙසේ නමුත් නාවික හමුදාපති සම්බන්ධ සිදුවීම ගැන අප තවම අවසාන තීරණයකට පැමිණ නැහැ.
එදා මම ලේඛන කිහිපයකට අත්සන් කරන ප්‍රමාදෙන් මේ අමාත්‍යාංශ ඉදිරිපිටදීම උද්ඝෝෂණය කරපු හමුදාවේ ආබාධිත පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වුණා. ඔවුන්ගේ ඉල්ලීම් කෙතරම් සාධාරණද? අනෙක් අතට යම් පිරිසක් එයාලව උසිගැන්වීමක් කළ බව පෙනුණ. අද වෙනකොට එක් සෙබළකුට තමන්ගෙ ඇස් දෙකම නැතිවෙලා.
ජනමාධ්‍ය මේ දේවල් ගැනම කතා නොකර මිනිස් සිත් සතන් සුවපත් කිරීමටත් දායක විය යුතුයි නේද?
ප්‍ර ( ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියකු ලෙස ඔබේ කලා රසඥතාව ගැනත් දැනගන්න කැමතියි.
පි( අමරදේවගේ ‘ඈත කඳුකර හිමවු අරණේ’, ‘වක්‌කඩ ළඟ’, නන්දා මාලිනීගේ ‘උඩඟු ලියන්’, නූර්ති ගීත වගේම අද කාලෙ සමහර භාතිය – සන්තුෂ් සිංදුවලටත් මම ආසයි. ‘සන්දේශය’, ‘ගැටවරයෝ’ හා ‘සමනල සංවනිය’ මා ප්‍රිය කරන සිංහල චිත්‍රපට තුනක්.
ප්‍ර ( රටේ ජාතික ආරක්‍ෂාව කඩාවැටිල කියල විශාල චෝදනාවක් ඇසෙනවා. උතුරේ පන්සල් කඩනවා. රජය ෙµඩරල් ව්‍යවස්‌ථාවකට යන්න සූදානම් බවත් කියවෙනවා.
පි ( ජාතික ආරක්‍ෂාව කියන්නෙ මොකක්‌ද? උතුරේ “ආවා ගෲප්’ කියන්නෙ දාමරික කණ්‌ඩායමක්. එවැනි කණ්‌ඩායම් කොළඹ වනාතමුල්ලෙත් සිටිය හැකියි. අද උතුරේ ජනතාවටත් මාධ්‍යයටත් නිදහස තියෙනවා. ජාතික ආරක්‍ෂාව ඉතා පළල් කාරණයක්. සිංගප්පූරුවෙ ජාතික ආරක්‍ෂාව කිsයන්නෙ ජලය. (ධමර බ්එසදබ්ක seජමරසඑහ සි ආඑeරග) ඉදිරියේදී අපි විමසා බැලිය යුතුයි අන්තර්ජාලය පිළිබඳ ආරක්‍ෂාව ගැන. එනම් ‘සයිබර් සෙකියෝරිටි’ රාජ්‍ය නායකයන්ට තර්ජනාත්මකව අන්තර්ජාලය භාවිත වෙනවා අපි ළඟදි අත්දුටුවා.
අපි ළඟ වැරදි වටහාගැනීමක් තියෙනවා. රතිඤ්Æ කරලක් පත්තු වුණත් ඒක ජාතික ආරක්‍ෂාවට ප්‍රශ්නයක් කියල කියනව. සමතුලිතතාවයෙන් යුතු සාමයක් අපි උදාකර ගත යුතුයි. තුවක්‌කුවෙන් ආරක්‍ෂාව ඇති කරන්න ඕනෙ ගොනෙකුට පුළුවන්.
ප්‍ර ( ලබන වසරේ වත්මන් රජය විස¹ගත යුතු උග්‍ර ගැටලු රාශියක් තිබෙන බව පේනවා.
පි ( දැන් ‘එට්‌කා’ ගැන කතා කරනවා. බලවත් රාජ්‍යයන් කුඩා රාජ්‍යයන්a තමා කැමති ලෙස පාලනය කරන්න උත්සුක වෙන බව අප තේරුම් ගත යුතුයි. අනෙක් අතට ‘පොදු පෞද්ගලික ඒකාබද්ධ ව්‍යවසායකත්වය’ කිව්ව හැටියෙ හිතනවා මේ රාජ්‍ය දේපළ විකුණල දාන්න යනව කියල. හම්බන්තොට චීනෙට දීල හරි ණය ගෙවා ගත යුතුයි.
අපි මේ දේවල් ගැන අපේ ආකල්ප ප්‍රශ්න කරන්න ඕනි.
දැන් රජය තුළම පාර්ශ්වකරුවන් එකිනෙකා විවේචනය කිරීම තුළින් දිස්‌වෙන්නෙ මතුවී තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව පිළිබඳ අදහසයි. මා හිතන්නේ එය යහපත් තත්ත්වයක්.
– දිවයින ඉරිදා සංග්‍රහය