Colombo Today Local News

සංහිදියාවට බාධාවක්.. අම්පාර, ඉරක්කාමම්හි බුදු පිළිමය ඉවත් කරන්න.. පල්ලි සම්මේලනය ඉල්ලයි

am2ir22
අම්පාර, මානික්කමඩු, ඉරක්කාමම් ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති බුදු පිළිම වහන්සේ නමක් එම ස්ථානයෙන් ඉවත් කරන්නැයි “ඉරක්කාමම් සමස්ථ පල්ලි සම්මේලනය“ නම් පරිසක් විසින් ඉරක්කාමම් ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

දෙමළ සහ මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශයකට බුදු පිළිම අනවශ්‍ය බවත්,  බුදු පිළිමයක් තැන්පත් කිරීම නිසා දෙමළ සහ මුස්ලිම් වැසියන්ගේ සිත් භීතියට පත්ව තිබෙන බවත් එම 2016. 11. 09 දිනැති එම ලිපිය මගින් ඔවුන් දන්වා ඇත.

මෙරට වැඩිම බෞද්ධ නටඹුන් ප්‍රමාණයක් විසිරී පවතින්නේ අතීතයේ දිගාමඩුල්ල නමින් හැදින්වූ වත්මන් අම්පාර දිස්ත්‍රික්කයේ සහ නැගෙනහිර පළාතේය.  අම්පාර, මානික්කමඩු ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර ඇති වර්තමානයේ “මායාකල්ලි“ නමින් හදුන්වන ගල් පර්වතය මුදුනේ පසුගිය දිනෙක භික්ෂූන්වහන්සේලා සහ තරුණ පිරිසක් විසින් බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කර තිබිණි. සිංහල බෞද්ධයන් වාසය කළ මෙම ප්‍රදේශය යුද්ධයත් සමග ජනශුන්‍ය වී ඇති අතර, යුද්ධය නිමාවෙන් පසු මුස්ලිම් සහ දෙමළ ජනතාව එහි පදිංචි කර ඇත.  ඓතිහාසික කොන්ඩවටුවාවන සෙල් ලිපිය පිහිටුවා ඇත්තේද මෙම ස්ථානයට නුදුරෙන් වන අතර, ඉපැරණි බෞද්ධ නටඹුන් රාශියක් පැතිරී පවතින මෙම භූමිය මුස්ලිම් ජාතික පිරිස් විසින් පුරාවිද්‍ය සීමා මායිම්ද නොතකා ආක්‍රමණය කරමින් එහි නටඹුන් විනාශ කිරීමට පටන්ගෙන ඇති බැවින්, ඉපැරණි බොදු උරුමය නැවත වරක් තහවුරු කරීම වෙනුවෙන් මෙලෙස බුද්ධ ප්‍රතිමාවක් එහි තැන්පත් කිරීමට පියවර ගෙන ඇත.

පල්ලි සම්මේලනයේ ලිපිය

ltr223බුදු පිළිමය ඉවත් කර දෙන්නැයි “ඉරක්කාමම් පල්ලි සම්මේලනය“ නමින් හදුන්වන පිරිසක් විසින් නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් සහ ඇමති රවූෆ් හකීම් දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ මැදිහත් වීමෙන් පොලීසිය මාර්ගයෙන් එම බුදුපිළිම වහන්සේ තැන්පත් කළ භික්ෂූන්වහන්සේලා අධිකරණයට කැදවීමට නියෝගයක් ලබාගෙන ඇත.

cwcd4rlxeaq8wfp
ඇමති රවුප් හකිම් පොලිස්පතිවරයාට පැමිණිලි කොට බුද පිළිමය ඉවත් කරන ලෙස ඉල්ලා සිටින බවට පොරොන්දු විය

 

 

Related posts

වරකාගොඩ ඥාණරතන හිමියෝ අස්ගිරි පාර්ශවයේ අභිනව මහා නායක ධුරයට පත්වෙති

colombotoday

බෝ නොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කරන්න විශේෂ අරක්කු බෝතලයක මිල වැඩි කළ යුතුයි

colombotoday

රට තුළ මහ ආර්ථික අර්බූධයක්.. එදාවේල කන්නෙත් ණයට අරන්

colombotoday

FACT CHECK: ධම්මික පැනිය අත්හදා බැලූ වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙක් ඇතුළුව හත් දෙනෙකුට කොරෝනා?

colombotoday

උතුරේ කොටි සැමරුම් පිටුපස එම්මානුවෙල් පූජකයා… ලංකාවට ගෙන්වීමට අතහිත දකුණේ ප්‍රබල ඇමතිගෙන්

colombotoday

ආගමික නායකයින්ටත් එන්නත

colombotoday