Colombo Today Local News

පොලීසිය වෙඩිතැබුවේ පිටුපසින්නම් ඉදිරිපස සිටි අයට වෙඩි වැදුණේ කොහොමද? – සම්බන්ධන්

r sambandan

පසුගිය 20 වැනිදා යාපනයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සරසවි සිසුන් දෙදෙනා පොලිස් අණ නොතකා පලායද්දී පොලීසිය පිටුපසින් සිට වෙඩි තැබුවා නම් යතුරුපැදියේ ඉදිරිපස ගිය තරුණයාට වෙඩි වැදුණේ කෙසේදැයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ප්‍රශ්න කරයි.

ඊයේ (25) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23(2) යටතේ ප්‍රකාශයක් කරමින් එසේ ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා මෙසේ අදහස් දැක්වීය.

“පොලීසිය මුලින් කීවේ මේ තරුණයින් දෙන්නා අනතුරකින් මියගිය බවයි. ඊට පසුව වෙඩි වැදීමකින් මරණය සිදුවූ බව හෙළිවුණා. මේ යතුරුපැදියේ ඉදිරිපස ගිය තරුණයා මියගොස් තියෙන්නේ වෙඩි පහරකින්. පසුපස ගිය තරුණයා මියගොස් තියෙන්නේ අනතුරකින්.

මේ දෙන්නා මාර්ග බාධකයේදී අණ නොතකා යතුරුපැදිය පැදවූ නිසා වෙඩි තැබූ බව පොලීසිය පසුව කිව්වා. මේ අසාධාරණ, නීත්‍යානුකූල නොවන ප්‍රකාශය අපි දැඩිසේ හෙළා දකිනවා. මේ ගැන වහා අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුයි. වරදකරුවන්ට දඬුවම් කළ යුතුයි.

මෙයින් පැහැදිලි වෙනවා මේ වෙඩි තැබීම කරලා තියෙන්නේ ඉදිරියේ සිට කියලා. අණ නොතකා යද්දී පිටුපස සිට වෙඩි තැබුවා නම් ඉදිරිපස ගිය අයට වෙඩි වැදුණේ කොහොමද? මේ වැරදිකරුවන්ට දඬුවම් දීමට ගෙන ඇති ක්‍රියාමාර්ගය මොකක්ද?.”

Related posts

පාකිස්තානු සිරකරුවා බන්ධනාගාර රෝහලේදී මියයයි

colombotoday

උතුරේ මහවිරු සමරු 244න් 234කම කොටි ලාංඡන තිබුණේ නෑ

Admin

“කොළඹ බල්ලන් දහසය දාහක් විතර ඉන්නවා.. ගවයෝත් දෙදාහකට වැඩියි” – ඇමති චම්පික

colombotoday

‘රනිල් එළවන’ මෛත්‍රීගේ පාගමන මහනුවරින් ඇරඹෙයි… වියදම සිරසෙන් (Video)

colombotoday

හංවැල්ලේදී වෙඩිතැබීමක්

Admin

බුරවිගේ බලපෑමෙන් යාපනයේ 1589 ක් පීඩාවට – නිවාස 156 කට හානි.

colombotoday