Colombo Today Local News

සම්බන්ධන්, හකීම්, ගයන්ත සමග ජවිපෙ අනුර චීන සංචාරයක

anura-j33ශ්‍රී ලංකාව හා චීනය අතර පාර්ලිමේන්තු සබඳතා සවිමත් කිරීමේ අරමුණින් චීන රජයෙන් ලද විශේෂ ආරාධනයකට අනුව කතානායකවරයා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකවරු ඊයේ (09දා) සන්ධ්‍යාවේදී චීන සංචාරයකට එක්වූහ.

විපක්ෂ නායක ආර්. සම්බන්ධන්එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඇමති සුසිල් ප්‍රේමජයන්ත, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ඊ.පී.ඩී.පී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරු එක්වූහ.

මෙම සංචාරය සඳහා සම්පූර්ණ අනුග්‍රහය දක්වනු ලබන්නේ චීන රජය විසිනි.  සංචාරයේදී චීනයේ  කතානායක, ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් රැසක් හමුවීමට නියමිත බව කතානායක කාර්යාලය නිවේදනය කරයි.

එසේම චීනයේ මෑත කාලීන ආර්ථික ප්‍රවණතා පිළිබඳව අධ්‍යයනය කිරීමටද මෙම සංචාරය තුළින් සිදුකිරීමට නියමිතය.

Related posts

කබ්රාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි

colombotoday

මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව නවත්වයි

colombotoday

බැදුම්කර වාර්තාවේ එජාපය ට අවාසි කොළ ඉවත් කරලා…

colombotoday

කෝවිඩ් – 19 වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළට

colombotoday

මුන්දලමේ බඹරු ඇන 18 ක් රෝහලේ

colombotoday

සමස්ත ලංකා හෙද සංගමය ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක

colombotoday