Colombo Today Local News

මහින්දගේ නායකත්වයෙන් අලුත් පක්ෂය 02 වෙනිදා මාතරදී එළිදකී

mahinda rajapaksha
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන පක්ෂය ලබන ඔක්තෝබර් 02 වැනිදා මාතර වැලිගමදී පැවැත්වෙන රැළියකදී එළිදැක්වීමට සූදානම් වන බවට ඉගි පළවෙයි.

ඉරිදා සවස 03.00 ට පැවැත්වෙන එම ජන රැළිය සංවිධාන කර තිබෙන්නේ හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන විසින්. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් මේ සඳහා සහභාගී වීමට සූදානමින් සිටිනවා.

නව දේශපාලන පක්ෂයේ ලාංඡනය නෙළුම් මල් පොහොට්ටුවක් බව කියැවෙන වීඩියෝ පටයක්ද මේ වන විට මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබෙනවා.

එම වීඩියෝව පහතින්

[fbvideo link=”https://www.facebook.com/nethnewsofficial/videos/1061168413980820/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ත්‍රිකුණාමලයේදී සිදුවු රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි

colombotoday

පොලිස් ආයතන කිහිපයක තනතුරු මාරුවක්

colombotoday

මැයි මාසයේ දී පාරිභෝගිකයින්ට පාලන මිලෙන් පහළට බිත්තර

Admin

“ආහාර හිඟයක් ඇති වෙන්න ප්‍රායෝගිකව කිසිදු ඉඩක් නැහැ ” – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කියයි

colombotoday

ශ්‍රීලනිපයේ මීලඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී

colombotoday

මන්ත්‍රී සනත් නිශාන්ත හා මොරටුව නගරාධිපතිට ඇප

colombotoday