Colombo Today Local News

“මා යුධ රහස් හෙළිකරන තුට්ටු දෙකේ මිනිහෙක් නොවේ“ සෙන්පති කමල් කුහකයන්ගේ කන පැළෙන්න දෙයි !

kamal-gunarathnaරණ මග ඔස්සේ නන්දිකඩාල් කෘතියෙන් තමන් යුද රහස් කිසිවක් හෙළිකර නොමැති බවත් තමන් එසේ රහස් හෙළිකරන ජාතියේ මිනිසකු නොවන බවත් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඇතැමුන් ‍පොත් ලියමින් යුද රහස් හෙළි කර ඇති බවට කළ චෝදනාව සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී තවදුරටත් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මෙසේද පැවසීය.

අපි යුද රහස් හෙළිකරන හමුදා සාමාජිකයන් නොවෙයි. යුද රහස් තිබේ නම් අපි මැරෙනකොට ඒවා අපිත් එක්කම වැළලිලා යනවා මිස ඒවා හෙළිකරන තුට්ටු දෙකේ හමුදා නිලධාරීන් නොවෙයි.

මම මගේ ‍පොතේ කිසිම යුද රහසක් හෙළිකරලා නැහැ. මහජනයා දැනගතයුතු දේ විතරයි මම ලිව්වේ. මම ‍පොතක් ලිව්වේ මගේ ප්‍රතිරූපය නංවාගන්න ‍නෙවෙයි. අපේ රටේ යුද්ධයට දරුවන් එව්වේ දුප්පත් දෙමාපියන්. දරුවන් රට වෙනුවෙන් කරපු දේ දැනගන්න සිංහල ‍පොත ලිව්වා. අපිට යුද අපරාධ චෝදනා නගන ඩයස්‍පෝරාවට අපි කළේ මානුෂීය මෙහෙයුමක් කියලා තේරුම් ගන්න ඉංග්‍රීසියෙන් ‍පොත ලිව්වා. එහෙම ඇරෙන්න මගේ ප්‍රතිරූපය හදාගන්න ‍පොත් ලියන්න උත්සාහ කළේ නැහැ. ඒවගේම මම මගේ ජීවිතය තියෙනතුරා දේශපාලනයට එන්නේත් නැහැ කියලා ආයේ වරක් මම කියනවා.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මේ බව සඳහන් කළේ තමා රචනා කළ රණ මග ඔස්සේ නන්දිකඩාල් කෘතියෙන් යුද රහස් එළිකර ඇතැයි එල්ලකරන චෝදනාව ගැන කළ විමසුමකදීය.

සඳරුවන් පලිහේන – රිවිර

Related posts

දේපොළ සොරා ගන්නා යුවළක් අල්ලයි

Admin

හරක් හොරුන්, ජාවාරම්කාරයන්, ස්ත්‍රී දූෂකයන්, නමගිය අපරාධකාරයන්ටත් නාම යෝජනා !

colombotoday

කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි සැක 251 ක් රෝහල් 28කදී ප්‍රතිකාර ගනියි

colombotoday

“විනිමය ඉන්දියාවට, දුප්පත්කම අපට” ඉතිහාසයේ මුල්වරට රෙදි සෝදන්නොත් විරෝධයේ

colombotoday

“රටක් ලෙස ඉදිරියට යෑමට කැබිනට් වෙනසක් කලා“ – ජනපති

colombotoday

වේදනිගම හිමි රතන හිමියන් පැහැර ගත්තා.. පොලීසියට පැමිණිල්ලක්

colombotoday