Colombo Today Local News

කිලිනොච්චි, සෙල්වනගර් හමුදා කදවුර ඉවතට.. ඉඩම් අනිද්දා බාර දෙයි !

kn23232යුද්ධයෙන් පසු උපක්‍රමික වශයෙන් යුද හමුදාව රැඳී සිටි කිලිනොච්චිය සෙල්වනගර් හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම එම ප්‍රදේශයෙන් ඉවත් කර එම ඉඩම් දෙමළ ජනතාවට ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

මේ අනුව සෙල්වනගර් ප්‍රදේශයේ යුද හමුදාව රැඳී සිටින අවසන් බිම් තීරුව ලබන සෙනසුරාදා කිලිනොච්චිය දිස්‌ත්‍රික්‌ ලේකම්වරයාට භාරදීමට නියමිතය.

මානුෂීය මෙහෙයුමෙන් පසු නිලධාරීන් සහ සෙසු නිලයන් ඇතුළු පන්සියයකට අධික හමුදා බලඇණියකින් සමන්විත වන ලෙස සෙල්වනගර් හමුදා කඳවුර පිහිටුවනු ලැබීය.

පසුගිය කාලයේ එම ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩුකරනු ලැබූ අතර ඉකුත් සතිය වන විට සෙල්වනගර් හමුදා කඳවුරේ භටපිරිස්‌ ඉවත් කිරීම හේතුවෙන් එහි හමුදා නිලධාරීහු හත් දෙනෙක්‌ පමණ ඉතිරිව සිටියහ.

මෙම කඳවුර සමීපයේ එල්ටීටීඊයේ මියගිය ත්‍රස්‌තවාදීන්ගේ මළ සිරුරු 2623 භූමිදානය කළ සොහොන් පිටියක්‌ද තිබූ අතර කොටි දේශපාලන අංශ නායකයාව සිටි තමිල් සෙල්වම්ගේ සහ සටන් නායකයකු වූ ශංකර්ගේ මළ සිරුරුද ඒ අතර විය.

සෙල්වනගර් යනු එල්ටීටීඊය මහවිරු පවුල් ලෙස නම් කළ ප්‍රබල කොටි සාමාජිකයන්ගේ පවුල්වලට අයත් 5000 ක ජනතාවක්‌ රැඳී සිටින ප්‍රදේශයක්‌ද වේ.

සමන් ගමගේ – දිවයින

Related posts

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති සහ මහජන ආරක්ෂක ඇමැති අතර හමුවක්

colombotoday

“රාජ්‍ය බැංකු මට ඕන.. නැතිනම් මේ ඇමතිකම මට එපා“ – කිරිඇල්ලත් බර අවි ඔසවයි

colombotoday

මම ක්‍රිකට් ඇමති නොවේ.. සියලුම ක්‍රීඩා කටයුතු ගැන සොයා බලනවා – නව ක්‍රීඩා ඇමති නාමල් කියයි

colombotoday

බස් ගාස්තු රුපියලකින්ම අඩු කරයි

Admin

ජොන්ස්ටන් කොටුව මහේස්ත්‍රාත් හමුවට භාර වී පිටව යයි..

colombotoday

කම්කරු ඇමැතිට නොතීසි

colombotoday