Colombo Today Local News

නා උයනේ අරියධම්ම නාහිමියෝ අපවත් වෙති

na uyane ariyadhamma himiශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථාවේ අනුශාසක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ අපවත් වී තිබේ.

අද (07)අලුයම කොළඹ පෞද්ගලික රෝහලක දී උන්වහන්සේ අපවත් වී ඇති බව සඳහන් වේ.

අපවත් වන විට උන්වහන්සේ වසර 79ක් ආයු වළඳා තිබුණි.

අපවත් වී වදාළ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය එළඹෙන 12 වෙනිදා කොළඹ 07 නිදහස් චතුරස්‍රයේදී සිදුකිරීමට නියමිතය.

දස දිශාවෙන් ම කෙළවරක් නො පෙනෙන මුළුමහත් විශ්වයෙහි ම සියලු සත්ත්වයින් අතුරින් අතිශයින් ම සුපේශල – ශික්ෂාකාමී ව, වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ‘බුද්ධ-පුත්‍ර’ නාමයෙන් වන්දනා කළ හැකි, හදවතින්ම මහ-බෝසත් පරමත්ථ-පාරමී ප්‍රතිපදාවෙහි යෙදෙමින්, පර්යාප්තියෙන් – ප්‍රතිපත්තියෙන් – ප්‍රතිවේධයෙන් සම්බුදු සසුන බැබළවූ, ත්‍රිපිටකධාරී (ත්‍රිපිටක ධර්මය ම කටපාඩමින් දරා සිටි), මහා-බෝධිසත්ත්ව ගුණෝපේත, අපවත් වී වදාළ පරම පූජනීය නාඋයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට උත්තම ලොව්තුරු අභි-සම්බෝධිය ම ලැබේ වා !!!

Related posts

මහකන්නයට කාබනික පොහොර බෙදාහැරීම ඇරඹේ

colombotoday

එජාප පළාත් පාලන සභිකයින් 59කගේ සභික ධුරය අහෝසි

colombotoday

පාරම්පරික නිජබිම් පෞද්ගලික සමාගම් වෙත පවරාදීමට එරෙහි ආදිවාසී නායකයන් ගොනුකල පෙත්සමට දින නියම වෙයි

colombotoday

“LTTEය පවා විනාශ නොකළ උ/නැගෙනහිර පුරාවිද්‍යා භූමි, දාගැබ් යුද්ධයෙන් පසු විනාශ කරලා“ – ඇමති අකිල

colombotoday

පොදු සතුරාට එරෙහිව සෝමවංශ – වීරවංශ දෙබෑයෝ එක මගේදී යළි හමුවෙයි.

colombotoday

කල්දේරමකට වැටී පිළිස්සුණු රැඳවියෙකු මියයයි

colombotoday