Colombo Today Local News

අයුතු ජනරාශිය යටතේ මහින්ද අත්අඩංගුවට ! – රංගේ බණ්ඩාරගෙන් අනාවැකියක්

499892697range-bandara2අයුතු ජනරාශිය යටතේ අත්අඩංගුවට පත්වන මෙරට පළමු නායකයා මහින්ද රාජපක්ෂ මහතා වීමට බොහෝ දුරට ඉඩ ඇතිබව රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

එමෙන්ම පාද යාත්‍රාව අතරතුර ගිලන් රථයට පහරදීමේ සිදුවීම කණ්ඩායමක් එකට එකතු වී ප්‍රචණ්ඩත්වයේ යෙදීමක් බවත්, එය නීති විරෝධී ජනරාශියක් බවද ඒ මහතා පවසයි. මේ යටතට මහින්ද රාජපක්ෂ මහතා අයත් වන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

මෙම ජනරාශිය යටතේ මේ වන තෙක් කිසිඳු ශ්‍රී ලාංකික ජන නායකයෙකු අත්අඩංගුවට ගෙන නොමැති බවත්, මේ යටතේ පළමුවන නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ගොඳුරුවීමට ඉඩ ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

මේ අතර පෑලියගොඩ පොලීසිය කළ ඉල්ලීමකට අනුව, මහජන සාමයට බාධාවක් නොවන පරිදි සාමාකාමීව කටයුතු කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ ප්‍රධානීන් 8 දෙනෙකුට නියෝග නිකුත් කර ඇත.

පා ගමනට පෑළියගොඩ නගරයෙන් මෙපිටට පැමිණීමට ඉඩ නොදෙන ලෙස ආරක්ෂක අංශවලට ඉහළින් නියෝගයක් ලැබී ඇති බවට අභ්‍යන්තර තොරතුරු මාර්ග අනාවරණය කර තිබුණු අතර, යම් කලබලකාරී තත්ත්වයක් ඇතිකර පාගමනේ ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීමට සූදාමක් පතින බවද එම තොරතුරු මාර්ග වැඩිදුරටත් අනවරණය කර තිබිණි.

Related posts

ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

Admin

ආසියානු දැල් පන්දු කිරුළ ශ්‍රී ලංකාවට….

colombotoday

නව දේශීය ආදායම් පනතෙන් පූජනීය ස්ථානවලටත් බද්දක් !

colombotoday

සගවාගෙන සිටි ගෑස් සිලින්ඩර් තොගයක් වටලයි

colombotoday

අධිකරණයට අපහස කිරීම ගැන විග්නේශ්වරන් අධිකරණය හමුවට

colombotoday

විදුලි කැපෙද්දී ගාස්තුත් වැඩිකරන්න යෝජනාවක්

colombotoday