Colombo Today Local NewsColombo Today Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට සළකන්නේ හමේ පාටටයි – මුරලිගෙන් තිලංගට දුස්රාවක් !

ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ දේ සිදු කළ තමා දින දහයකින් “ද්‍රෝහියෙකු” වී ඇතැයි මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨතම දඟ පන්දු යවන්නාවන මුත්තයියා මුරලිදරන් පවසයි.

ඔහු මේ බව පැවසුවේ BBC සිංහල සේවය සමග විශේෂ කතාබහකට එක්වෙමින්.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ දින 10ක උපදේශකයකු වශයෙන් කටයුතු කිරීම හේතු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එල්ල කළ චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් මුරලි කියා සිටියේ මෙරට කණ්ඩායමෙහි උපදේශකයෙකු හෝ පුහුණුකරුවෙකු ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවස්ථාවක් නොදෙනා බවත්, එසේ අවස්ථාව ලබා දුන්නා නම් මෙරට වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමට පසුබට නොවන බවත් ය.

සමස්ත තරගාවලියේම දඟපන්දු උපදේශක ලෙස කටයුතු කරන ලෙස ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තමන්ගෙන් ඉල්ලා සිටි නමුත් ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තරගයක් අතරතුර තමාට ඔස්ට්‍රේලියානු පිළ සමග සිටිය නොහැකි නිසා තරගයට පෙර දින 10ක උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට පමණක් තමා එකඟ වූ බව ද ඔහු පවසා සිටියේ ය.

මෙරට බිහි වූ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයින්ට මෙරට වෙනුවෙන් පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලබා දීමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදුවන්නේ බොහොම අඩුවෙන් බව පෙන්වා දුන් මුරලි වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන් සහ උපදේශකයින් ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ද එම තනතුරුවලින් ඉවත් කළ බව යි.

එය එසේ වද්දී එම ක්‍රීඩකයින් පුහුණුකරුවෙකු ලෙස තම කටයුතු කිරීමේ ආශාව මත වෙනත් කණ්ඩායමකට දායකත්වය ලබා දීමේ දී ද රටට ද්‍රෝහිවන බව පවසමින් චෝදනා නගන බවයි මුරලි පෙන්වා දුන්නේ.

එමෙන්ම විදේශික පුහුණුකරුවෙකුට රුපියල් 100ක් ගෙවයි නම් ලාංකික පුහුණුකරුවෙකුට ගෙවන්නේ රුපියල් 20ක් බව පැවසූ මුරලි පැවසූවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට සලකන්නේ සමෙහි පැහැය මත බව යි.

Related posts

නව ව්‍යවස්ථාවක මුලික කෙටුම්පත සකස් කිරීමට විශේෂඥ කමිටුවක්

colombotoday

පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි.. ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday

ළමුන් මෙහෙකාර සේවයට යොදා ගන්නා ස්ථාන සොයා පොලිස් මෙහෙයුම්

colombotoday

අවුරුදු 12ක මුස්ලිම් දැරියක් අවුරුදු දෙකක් තිස්සේ මුදලට විකුණලා. – දැරිය මිලදී ගත් අය අතර ප‍්‍රභූන් පිරිසකුත් – ගල්කිස්සට නොදෙවෙනි මරදානෙ කතාව

colombotoday

කොළඹ ආරක්ෂාව තර කෙරේ.. ආරක්ෂක අංශ සීරුවෙන්

colombotoday

බටහිර දොස්තරලාට බෙහෙත් නෑ. ඔවුන් හොරෙන් දෙන්නේ ආයුර්වේද බෙහෙත්. – ආයුර්වේද දොස්තරලා කොරෝනා නසන්න අවස්තාව ඉල්ලති.

colombotoday