Colombo Today Local News

නිර්මාල්/ජයදේව යහපාලන දෙඇදුරෝ ජාතික අධ්‍යාපන ආයතන පාලක සභාවෙන් නෙරපයි !

jaya666ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභාවෙන් මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි යන මහත්වරුන් නෙරපා හැරී බවට දන්වමින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ඔවුන් වෙත ලිපි යවා ඇති බව වාර්තා වනවා.

නිවේදනයක් නිකුත් කරමින් මෙම තීරණය විරෝධය පලකරන ලංකා කුරු සංගමය පවසන්නේ විශ්‍රාම වයස පසුකළ අධ්‍යාපන ලේකම්වරයෙකු අමාත්‍යාංශයේ තබාගෙන සිටින යහපාලන රජය බුද්ධිමතුන් තනතුරුවලින් ඉවත් කිරීම තරයේ හෙළා දකින බවයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ සියලු ක්‍රියා අනුමත කරමින් ඇමැතිවරයාගේ සෑම ක්‍රියාකාරකමකටම හිස නමමින් සිටිනවා වෙනුවට අඩුපාඩු පෙන්වා දීම නිසා ඔවුන් ඉවත් කරන්නට ඇති බව ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි.

Related posts

අනිද්දා පැය 15ක ජල කප්පාදුවක්

Admin

වන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

බඩු මිල වැඩි වුනාට ජනතාව ආණ්ඩුවට බනින්නේ නෑ

Admin

ගොවීන්ට නොමිලේ දෙන්න ගෙන ආ පොහොරත් සඟවාගෙන

Admin

අලි සබ්‍රිටත් දියවන්නාව එපා වෙයි

Admin

හැංගිලා ඉන්න පඳුරකින් එලියට එන්න – විමල් විරවංශ ඇමති සාගලට කියයි

colombotoday