Colombo Today Local News

උදයංග වීරතුංග අත්අඩංගුවට ගන්න, FCID ය ජාත්‍යන්තර වරෙන්තුවක් ඉල්ලයි

544731_685428648150626_2001319398_n

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කරන්නැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද කොළම කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගෙන් ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේදී සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා මෙම වරෙන්තුව නිකුත් කරන ලෙසයි මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.

යුක්රේන කැරළිකරුවන් සමග අවි ජාවාරමේ යෙදුණු බවට උදයංග වීරතුංග මහතාට රජය පාර්ශවයෙන් චෝදනා එල්ල වී ඇති අතර එම චෝදනා ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කෙසේ වෙතත් අපරාධ චූදිතයන් හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය යුක්රේනියානු රජය සමග ගිවිසුමකට එළැඹීමට නියමිතව තිබෙන අතර ඒ සදහා කැබිනට් අනුමැතියද හිමිව තිබෙනවා. උදයංග වීරතුංග මහතා මේ වන විට පදිංචිව සිටින්නේ යුක්රේනයේයි.

Related posts

එජාප-ශ්‍රීලනිප කපුකටම ගිය රන්ජන්ට, අගමැතිකමට අලුත් නමක් ජනපති යෝජනා කරයි

colombotoday

“යුද්ධයත් එක්ක රට සංවර්ධනය කල විදිහ මෙයාලට අදහගන්නත් බෑ.. දැන් කියන කතාවලට මට හිනා” – මහින්ද

colombotoday

මත්ද්‍රව්‍ය දා හැදූ මුද්දර 1,100ක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

වසන්ත කංචන රතු ඉරේ ඇවිලෙයි

Admin

” පළාත් පාලන මැතිවරණය කල් දැම්ම ප්‍රජාතන්ත්‍රවාදයට කළ මරු පහරක් “

colombotoday

රිෂාඩ් බදුර්දින්ගේ යටි මඩි, මෙගා ඩීල් එළියට.. ජනතා මුදල් කෝටි ගණනකට ඇරපු හැටි මෙන්න

colombotoday