World

ප්‍රංශයම ඉස්ලාම් ත්‍රස්ත තර්ජනයේ.. ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව කළහැකි සියළු දේ කරනවා – ප්‍රංශ ජනපති

සමස්ත ප්‍රංශයම ඉස්ලාම් ත්‍රස්ත තර්ජනයට නතුව ඇති බවත්, ඊට එරෙහි සටනට අපට කළ හැකි සියලු දේ කළ යුතුව ඇති බවත් ප්‍රංශ ජනපති ප්‍රංශුවා හොලන්දේ අවධාරණය කළේය.

දකුණුදිග ප්‍රංශයේ නීස් නගරයේදී ජීවිත 84ක් බිලිගනිමින් සිදුවූ ට්‍රක් රථ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ජාතිය අමතමින් ජනාධිපතිවරයා මෙසේ පවසා සිටියේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ප්‍රංශය දරුණු ප්‍රහාරයකට නතුව ඇති බවයි. එමෙන්ම, මියගිය අය අතර කුඩා දරුවන් පිරිසක්ද සිටින බවත්, ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහි සටන, අපට කළ හැකි සියලු දේ කළ යුතුව ඇති බවත් ඔහු අවධාරණය කළේය.

මෙම ප්‍රහාරයේ වගකීම කිසිවෙකු විසින් මෙතෙක් භාරගෙන නොතිබුණත්, IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන් හා සම්බන්ධ කණ්ඩායම් මෙම ප්‍රහාරය ඉහළින් සමරන බව අන්තර්ජාලය තුළ ත්‍රස්තක්‍රියා නිරීක්ෂණය කරන මීනා අල්-ලාම් පවසා සිටියාය.

මෙවැනි ප්‍රහාරයක් සිදුවූ වහාම මෙතරම් ඉක්මණින් අන්තර්ජාලය තුළ එවැනි සැමරීම් සිදුකිරීමෙන් හා පෙර අත්දැකීම් සමග සසඳා බැලීමෙන් මෙය ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයන්ගේ ප්‍රහාරයක් විය හැකි බවද ඇය පවසා සිටියාය.

එසේම, ප්‍රංශ ජනපති හොලන්දේ ද සිය කතාවේදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ, සිරියාවේ හා ඉරාකයේ ක්‍රියාත්මක ඉස්ලාම් රාජ්‍යය ත්‍රස්තයන්ට එරෙහි ඒකාබද්ධ හමුදා ප්‍රහාර සඳහා ප්‍රංශයේ දායකත්වය වැඩි කරන බවයි.

Related posts

තලේබාන් සංවිධානයට එරෙහිව ඇෆ්ගනිස්තානයේ සිවිල් වැසියෝ අවි ගනිති

colombotoday

ෆ්ලොරිඩා හි ගොඩනැගිල්ලක් කඩා වැටෙයි | 99 ක් අතුරුදන්

colombotoday

භූ කම්පනය මැද සුන්බුන්වලට යට වූ මවක් දරුවෙකුට උපත දී මිය යයි

Admin

සිරගතව සිටි සැම්සුන් සමාගමේ ප්‍රධානියා නිදහස් කරයි

colombotoday

අමෙරිකාවම කම්පා කල කළු ජාතික අහමඩ් ආර්බරි ගේ ඝාතනයට සුදු ජාතිකයින් තිදෙනා වරදකරුවන් කෙරේ

colombotoday

පකිස්ථානයේ පැවැත්වෙන 20 වැනි සාක් සමුළුවට ඉන්දියාව සඳහා සහභාගී නොවෙයි

colombotoday