හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පුළුල් පෙරමුණක් යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තරගවදිනබව ඒකාබද්ධ විපක්ෂය පවසයි.
එහි නියෝජ්‍ය සංවිධානය පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා සදහන් කළේ එම පෙරමුණට ඕනෑම දේශපාලන පක්ෂයකට සම්බන්ධ විය හැකි බවයි. මෙම පුළුල් ඒකාබද්ද පෙරමුණ යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී යහපාලන රජය පරාජයට පත්කරන බවද රංජිත් සොයිසා මහතා සදහන් කරයි.