පුද්ගලික රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබාගැනීමේදී අය කෙරෙන වැට් බද්ද සදහා සහනයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සදහා අදාළ ගැසට් නිවේදනය අද 19 නිකුත් කරන බවයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ.
ජනතාවට උපරිම සහන ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද අගමැතිවරයා පවසයි. අගමැතිවරයා මේබව පැවසුවේ ගංවතුරෙන් විපතට පත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් විමසීම සදහා ඊයේ 18 එහි ගිය අවස්ථාවේදීය.