ප්රාදේශිය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ඇමරිකාවට ඇතුළුවීමට අවසර නොදීමට එරට රජය තීරණය කර තිබේ. ඇමරිකානු සංචාරයක යෙදීම සදහා ෆොන්සේකා මහතා පසුගියදා මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයෙන් වීසා අයදුම් කරඇති අතර, තානාපති කාර්යාලය දන්වා ඇත්තේ ඇමරිකානු රජය ඔහුව අසාධු ලේඛන (Black List) ගත කර ඇති බවයි.
ෆොන්සේකා මහතාව අසාදු ලේඛනගත කිරීමට හේතු වී ඇත්තේ, රජය වෙනුවෙන් යුද්ධය මෙහෙයවූ හමුදා ප්රධානියා වශයෙන් යුද අපරාධ හා මානව හිමිකම් කඩ කිරීම් රැසක් සිදුකළ බවට චෝදනා එල්ලවී තිබීම බව තානාපති කාර්යාල ආරංචිමාර්ග සදහන් කරයි.
මූලාශ්රය – srilankamirror