Colombo Today Local News

‍”හොර වැඩක් අතේ මාට්ටු.. හෙළිකරොත් නඩු දානවලු.. ඕං අපේ ආණ්ඩුවේ මුදල් ඇමතිගෙ වැඩ” – අනුර දිසානායක

anura12652
“රවි කරුණානායක මහතා සම්බන්ධ ආයතනයකින් ප්‍රාඩෝ වාහන 710ක් ආනයනය කර තිබෙනවා. ඉන් 530ක් වටිනාකම අඩුවෙන් සඳහන් කර එනම් අන්ඩර් වැලියු කර ගෙනැවිත් තිබෙනවා. එයින් පරා30ණඩෝ රථ 180ක් රේගු භාරයට පත් වූවා.

පසුව ඒ පිළිබඳව රේගුව පැවැත්වූ පරික්ෂණයට රවි කරුණානායක මහතා සහභාගී වී එම එක් රථයක් රුපියල් ලක්ෂ 16 බැගින් ගෙවා පිටතට ගෙන යෑමට කටයුතු කළා.මා මෙය පාර්ලිමේන්තුවේදි කීවාම රවී කීවා මෙය පිටතදී කීවා නම් මට නඩු දානවා කියලා ඔන්න මා එය අතුරුගිරියේදී අද කීවා. දැන් පුළුවන් නම් නඩු දාන්න කියා මා මුදල් ඇමතිට අභියෝග කරනවා”

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම අදහස් පරා කාශ කර සිටියේ ඊයේ අතුරුගිරියේ පරක අසිද්ධ ශාලාවක පැවැත්වුණු ‘ණය බර බදු බර සහ බිඳ වැටෙන ආර්ථිකය’ යන මැයෙන් සිදු කරන ලද දේශනයකදීය.

“රවී කරුණානායක මහතා මට එරෙහිව අධිකරණය හමුවට ගියහොත් එය සනාථ කිරීමට අවශ්‍ය ලියකියැවිලි මා සතුව තිබෙනවා.සාමාන්‍යයෙන් අඩු වටිනාකමක් පෙන්වා වාහනයක් ගෙන ආවොත් වාහනය රාජසන්තක කරනවා. නැත්නම් වටිනාකම මෙන් තූන් ගූණයක මුදලක් දඩ ලෙස අය කර ගන්නවා.එහෙත් එය මෙහිදී සිදු කෙරුණේ නැහැ. ඇමතිවරයා තම බලය යොදා රටට ලැබිය යුතු ආදායමක් අහිමි කර තිබෙනවා.

එය විශ්වාස භංග යෝජනාවකට මුල්වූ චෝදනාවට වඩා භයානක වරදක් නොවේද? කියා මා අසනවා.එයින් රටට රුපියල් දස ලක්ෂ එක්දහස් දෙසියයක් රටට අහිමි කර තිබෙනවා. ඕන් අපේ යහපාලන රජයේ මුදල් ඇමතිවරයාගේ වැඩ.” යනුවෙන් මෙහිදී අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

Related posts

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සුදානම් – චමල්, බැසිල්, නාමල්ට ඇමති ධූර නෑ.

colombotoday

ගිම්හාන සෘතුවේදී සංචාරයට සුදුසුම රට ලංකාව

Admin

බදියුදීන්ගේ ඉල්ලීමට ආරක්ෂක ඇමතිගේ ප්‍රතිචාරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday

අතුරුදන් වූවන් සොයන පනත සම්මත වීම විශාල ජයක්.. නෝවේ අගමැතිණිය TNA ට කියයි

colombotoday

හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

කෙහෙළියට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද..

Admin