Colombo Today Local News

පිපිරීම තවම අභිරහසක්.. අවුරදු තිහක යුද සමයේදීවත් මෙහෙම දෙයක් වෙලා නෑ.. ආරක්ෂක අංශ විමතියෙන් !

024

කොස්‌ගම සාලාව යුද හමුදා අවි ගබඩාව ඉරිදා (05 වැනිදා) සවස හදිසියේ පිපිරී විනාශවී යැම තවමත් අභිරහසකැයි ආරක්‌ෂක අංශ පවසයි.

වසර තිහක්‌ පුරා පැවැති යුද සමයේදීවත් මේ සා විශාල අවි ගඩබාවක්‌ මෙලෙස පිපිරී විනාශවී ගියේ නැතැයි සාලාව යුද හමුදා කඳවුරේ නිලධාරීහු පැවසූහ.

මේ වනවිට මෙම පිපිරීම සම්බන්ධයෙන් රජයේ රස පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙන වෙනම පරීක්‍ෂණ සිදු කරන බවත් එම පරීක්‍ෂණ වාර්තා ලැබෙන තෙක්‌ පිපිරීමට ආසන්න හේතුවක්‌වත් සිතා ගැනීමට නොහැකි බවත්, සාලාව කඳවුර පරිශ්‍රයේ මේ වනවිට රැඳී සිටින හමුදා නිලධාරීහු කියා සිටියහ.

ඉරිදා සවස 5.45 ට පමණ කඳවුරේ අවි ගබඩා පරිශ්‍රයේ විශාල දුම් වළාවක්‌ අහසට නැගුණු බවත් ඊට ටික වෙලාවකට පසු ගඩබාවේ සුළු අවි ගිනිගෙන පිපිරීමට පටන්ගත් බවත් ඔවුහු කියා සිටියහ.

අවි ගබඩාව පිපිරෙන බව දැනුන වහාම ප්‍රදේශවාසීන් කඳවුර පරිශ්‍රයෙන් ඉවත් කිරීමට ආරක්‌ෂක අංශ ක්‍ෂණිකව පියවර ගැනීමෙන් පසු සවස 6.30 පමණ වනවිට ගබඩාව පිපිරී විනාශ වූ බවද ඔවුහු කියා සිටිති.

මෙම පිපිරීම සම්බන්ධ ප්‍රදේශවාසීන් විවිධ අදහස්‌ පළ කරන අතර ඇතැමුන් කියා සිටියේ යුද්ධය පැවැති කාලයේවත් සිදුනොවූ මෙම පිපිරීම කිසියම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌ දැයි සැක සිතෙන බවයි.

කෙසේ වෙතත් දැනට සිදුකරන පරීක්‍ෂණවල වාර්තා ලැබුණු පසු පිපිරීමට ආසන්න හෝ නිශ්චිත හේතුව රටට කීමට රජය කටයුතු කරනු ඇතැයි අප කළ විමසීම්වලදී ආරක්‌ෂක අංශ ප්‍රධානීහු කියා සිටියහ.

– දිවයින

Related posts

කොවිඩ් ආසාදිතයන් ගණන 1209 දක්වා ඉහලට

colombotoday

මහබැංකුව මහ දවාලේ කැඩුවා.. කෝටි ගණන හොරා කෑවා.. එජාපය ආණ්ඩුවේ හොද නම කෙළෙසුවා

colombotoday

බලාගාර 3කට ඉන්ධන දෙයි

colombotoday

හෙට IOC තෙල් බෙදන පිරවුම්හල් ලැයිස්තුව

colombotoday

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ එක් තීරුවක් තාවකාලිකව වැසෙයි

colombotoday

ජනපතිගේ RMV පරික්ෂා කිරීමේ පළමු ප්‍රථිඵලය – තැරැව්කරුවන් 06ක් අත්අඩංගුවට !

colombotoday