Colombo Today Local News

හොරෙන් ගෙනා වාහන 03ක් රේගුවෙන් පන්නන්න යහපාලන ඇමති ලේකම්වරියගෙන් බලපෑම්

rrrr-1-640x360

ජපානයේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස ගෙන්වූ සුඛෝපභෝගී වාහන තුනක් මුදාහරින ලෙස මෙරට ප්‍රධාන පෙලේ දේශපාලකයෙකුගේ ලේකම්වරියක් ශ්‍රී ලංකා රේගුවට බලපෑම් සිදුකර ඇති බව රේගු අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

අදාල දේශපාලඥයාගේ ලේකම්වරිය විසින් ශී‍්‍ර ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගන්නා ලද MRKU3732733 දරණ අඩි 40 කන්ටේනරය මුදා හරින ලෙස ඉල්ලා රේගු ප‍්‍රධානියකුගෙන් ඉල්ලීමක් කර ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේය.

ඒ අනුව අදාල කන්ටේනරය මාතර පිහිටි පෞද්ගලික ගුදමක් තුළ විවෘත කිරීම සඳහා ද රැගෙන යාමට රේගු ප‍්‍රධානියෙකු අවසර ලබා දී තිබේ.

එසේ කන්ටේනර් රථය මාතරට ගෙන ගිය පසු විවෘත කරන අවස්ථාවේදී එහි සිටි රේගු නිලධාරීන් මෙම වාහන 03 දැක එම කන්ටේනරය අත්අඩංගුවට ගෙන නැවත රැගෙනවිත් ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

එම කන්ටේනරයේ සඟවා නව මාදිලියේ පැජරෝ රථයක්, මිනිකූපර් රථයක් සහ කාර් රථයක් තිබී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අඩි 40 කන්ටේනරය මෙරටට ආනයනය කර ඇත්තේ පාවිච්චි කරන ලද වාහන උපකරණ ගෙන්වන මුවාවෙනි.

තීරු බදු රහිතව නීති විරෝධී අන්දමින් ගෙන්වූ මෙම වාහන හේතුවෙන් රජයටද විශාල පාඩුවක් සිදුව ඇති බව එම ආරංචි මාර්ග පෙන්වා දුන්හ.

පසිඳු සමරවීර
Rivira

 

Related posts

මනුෂ නානායක්කාරත් අත්අඩංගුවට ගැනීමට සුදානම් !

colombotoday

ආපදා කළමනාකරණ අංශ නිල වෙබ් අඩවිය එළිදකී

Admin

ලංගමට නව සභාපතිවරයෙක්

Admin

උසස් පෙළ ප්‍රතිඵල අද රෑ අන්තර්ජාලයට

colombotoday

චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

colombotoday

විශාල දේපොළ ඇති අයට බද්දක්

Admin