Colombo Today Local News

“දුරකථන ගාස්තු වැඩිවුණේ සුළු ගානකින්නෙ.. ඒක ජනතාවට දැනෙන්නෙවත් නෑ” – ඇමති හරීන්

harin fernando

වෙනත් රටවල ජංගම දුරකථන ගාස්තුවලට සාපේක්ෂව වැට් බදු සංශෝධනයත් සමග ඉහළ ගිය ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන ගාස්තු ජනතාවට විශාල බරක් නොවන බව විදුලි සංදේශ කටයුතු භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

වැට් බදු ඉහළ නැංවීම සාධාරණීකරණය නොකරන නමුත් වත්මන් ආර්ථික තත්වය හමුවේ ආණ්ඩුවට තාවකාලිකව එම පියවර ගැනීමට සිදු වූ බව අමාත්‍යවරයා කියා සිටියේ, ලන්ඩනයේ බීබීසී මූලස්ථානයේ සිට බීබීසී සිංහල සේවය සමග සාකච්ඡාවකට එක් වෙමිනි.

“ලංකාව තමයි ලෝකයේ අඩුම දුරකථන ගාස්තු අය කරන රට. සියයට විස්සකින් බදු වැඩි වුනත් කෝල් එකක් සඳහා වැය වන එකයි ශත පනහ ඒ සියයට විස්සෙන් වැඩි කරලා බැලුවොත් ඒත් ශත ගාණක් තමයි වැඩි වෙන්නේ. ඒක මහා විශාල බරක් නොවෙයි,” ඔහු පැවසීය.

යහපත් ප්‍රතිඵල ඉදිරියේදී :

ආණ්ඩුවේ ජනප්‍රියතාව ක්‍රමයෙන් පිරිහෙමින් පවතිනවා නොවේදැයි යන්න විමසූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ පළමු මාස හයක කාලය කටුක වුවත් ඉදිරියේදී ජනතාව වෙත යහපත් ප්‍රතිඵල අත්වනු ඇති බවයි.

“පළමු මාස හයේ රටක් ගොඩ නැංවීම සඳහායි ප්‍රතිපත්ති හදන්නේ. ඒ ප්‍රතිපත්ති ජනතාව අතර ප්‍රසිද්ධ නොවෙන්න පුළුවන්. රටකට අවුරුදු පහක වැඩපිළිවෙලක් අවශ්‍යයි.”

රාජපක්ෂ බද්ද :

පැවති පාලන සමයේ සිදු වූ බව කියන දූෂණ සහ වංචා පමණක් ජනතාව හමුවේ ප්‍රකාශ කිරීම දිගින් දිගටම කළ හැක්කක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

“ඕක කරන්න පුළුවන් මාස හයයි. එතනින් එහාට රාජපක්ෂ බද්ද කියල කියන්න බැහැ. දැන් රාජපක්ෂ වෙනුවෙන් ගහපු බදු තමයි මේ ගහ ගෙන යන්නේ. එතනින් එහාට අපි අපේ වැඩ පෙන්වන්න අවශ්‍යයි,” විදුලි සංදේශ කටයුතු භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.

(බිබිසි සංදේශය)

Related posts

ජෙරම්ගේ ඇප ඉල්ලීමේ පෙත්සම විභාගය ජනවාරි 4

Admin

ශ්‍රි ලංකාවේ නියෝජිතයන් හරහා ISIS ත්‍රස්තයන්ට සම්බන්ධවූ තරුණියක් ගැන ඉන්දියාව හෙළිකරයි

colombotoday

එජාප ජේෂ්ඨයන් තිදෙනෙකුගේ පට්ටම් ගැලවෙයි.. ජනපතිගේ යෝජනාවට අගමැති එරෙහි වෙයි..

colombotoday

රජයේ සියලුම රෝහල්වල හා සෞඛ්‍ය ආයතනවල ඖෂධවේදීන්ගේ සංගමය ’කළු විරෝධතා සතියක්’ අරඹයි

Admin

කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේම විදුලිය ඇනහිටී

Admin

උදයංගව නිදහස් කල බව අපි දන්නෑ.. ඔහුව අත්අඩංගුවට ගන්න කණ්ඩායම් දෙකක් යැව්වා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday