බදු වැඩි කර අධ්‍යාපනයටත් සෞඛ්‍යයටත් පහර දී එසේ නොකළා යැයි ප්‍රකාශ කරන රජය මෙතෙක් නෑ කියූ කිසිවක් ඔප්පු කර නැතැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරයි.
උන්වහන්සේ මේ බව කියාසිටියේ ‘පැවිදි හඬ’ සංවිධානය නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී අද (29) පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.
රාජද්‍රෝහියෙක් වන නමුත් දේශද්‍රෝහියෙක් නොවන්න යැයි ධර්මපාල තුමන් කළ සටන් පාඨ පවා ප්‍රකාශ කරමින් මෙම ආණ්ඩුව ගෙන යන මෘග පාලනයට එරෙහිව රාජද්‍රෝහි වශයෙන් කටයුතු කර මේ රට බේරාගන්නට සිදුව තිබෙන බවත් ජාතියේ පෙරගමන්කරුවන් වශයෙන් හා මේ රටේ සංඝරත්නය වශයෙන් තමන්ට නිහඩව සිටීමට නොහැකි බවත් උන්වහන්සේ වැඩිදුරටත් කියාසිටියේ ය.