Colombo Today Local News

ප්‍රභාකරන්ට තුවක්කුවෙන් කළ නොහැකි වූ දෙය සම්බන්ධන් දේශපාලනයෙන් කරනවා.. සහජීවනය කියා දියයුත්තේ උතුරේ අන්තවාදීන්ටයි


උතුරු නැගෙනහිර එකට එක්කර ස්වාධීන රාජ්‍යයක් ලෙස එකතු කිරීම යනු දෙමළ ඊළම තවත් හිස එසවීමේ පියවරක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

උදය ගම්මන්පිල මහතා මේ බව ප්‍රකාශකර සිටියේ අද(25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ප්‍රභාකරන්ට තුවක්කුවෙන් කළ නොහැකි වූ දෙය සම්බන්ධන් විසින් දේශපාලනයෙන් කිරීමට උත්සහ කරන බවද ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවත්, එයට පිළිතුරු ලබා දුන්නේ අජිත් පී පොර්රා මහතා බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

මේ ආණ්ඩුව විශාල වශයෙන් දුර්වල ආණ්ඩුවක් බවත්, එකී දුර්වලත්වය දඩමීමා කොට ගෙන ටී.එන්.ඒ. පක්ෂය විසින් මේ ආණ්ඩුවට සද්දේ දා දිනුම ලබා ගැනීමට උත්සහ දරන බවත් ඒ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ කාලය තුළදී ජයලලිතා කිසිදු අවස්ථාවක‍ දෙමළ ජනයා වෙනුවෙන් ඉදිරිපත් නොවුන බවත්, එසේ වූයේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ එවැනි අවස්ථාවකට ඉඩ නොලැබෙන නිසා බවත් ඔහු පවසා තිබේ.

එමෙන්ම උතුරු පළාත් සභාව විසිරුවා හැර බලය ජනාධිපතිවරයා අතට ලබා ගත යුතු බවත්, එසේත් නොමැතිනම් උතුරේ මහ ඇමතිවරයාට අනතුරු ඇඟවිය යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

සහජීවනය ඉගැන්විය යුත්තේ උතුරේ අන්තවාදීන්ට බවද ඒ මහතා පවසයි. බටහිර ගැති ආණ්ඩුව විසින් නිරන්තරයෙන් ඊළමට පණ දීමට උත්සහ කරන බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

Related posts

අද ක්‍රියාත්මක කාර්යාල දුම්රිය 10ක් පමණයි

Admin

පාර්ලිමේන්තු මහලේකම් ධුරය කුෂානි රෝහණධීරට

Admin

මහාමැතිවරණය පැවැත්විය හැකියි

colombotoday

මේ සිකුරාදාට අර්ථිකයකට වෙන දේ මෙන්න.. විමල් වීරවංශගෙන් විශේෂ හෙළිදරව්වක් !

colombotoday

ලංකාවට ආ බිරිඳයි පුතායි අතුරුදන්… ජපන් ජාතිකයෙකුගෙන් පැමිණිල්ලක්

Admin

පාස්පෝට් ගන්න සඳුදා වෙනුවට වෙනත් දිනයක් දෙයි

Admin