Colombo Today Local News

“ජනතා සේවය හරියට කරන්නනම් ලක්ෂ හාරසීයේ බෙනස් එකක් නැතුව බෑ” – ෆොන්සේකා

fonseka 2565

ඉතා හොදින් ජනතාවට සේවය කිරීමටනම් ඉහළ තත්ත්වයේ වටිනා මෝටර් රියක් නැතිව බැරි බවත්, කෝටි හතරක් වටිනා බෙනස් රියක් තමන් රජයෙන් ඉල්ලුවේ එම නිසා බවත් ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

සිරස රූපවාහිනිය හා සංවාදයකට එක්වෙමින් ෆොන්සේකා මහතා සදහන් කළේ වෙනත් වාහනයක ගියහොත් තෙහෙට්ටුවට ඇදට වැටීමට සිදුවන බවයි. ලංකාවේ දේශපාලකයන් ඉහළ වටිනාකමකින් යුතු වාහන පාවිච්චි කිරීමේ සම්ප්‍රදායක් පවතින බවද ඔහු පැවසීය.

අනෙකුත් ඇමතිරුන් භාවිතා කරන්නේ කෝටි පහක් වටිනා බී.එම්.ඩබ්ලිව් රථ බවත් තමන් ඉල්ලුවේ කෝටි හතරක් වටිනා රථයක් බැවින් රජයට රුපියල් කෝටියක ඉතිරියක් සිදුව තිබෙන බවත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් පැවසීය.

 

Related posts

පාර්ලිමේන්තුවේ කමිටු පිහිටුවීම ඇරඹේ

colombotoday

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස අසල සම්බාහන මධ්‍යස්ථාන 42ක්

Admin

පී සී ආර්. මගඩිය. 2000 කට්ටලය 4000 ට අරගෙන. සෞඛ්‍ය ලොක්කන් 40කගෙන් ප්‍රශ්න කෙරේ.

colombotoday

ඇමති රාජිත සිංගප්පූරුවේ මව්න්ට් එලිසබෙත් රෝහලට

colombotoday

රැකියා ලක්ෂයේ වැඩසටහනේ පත්වීම් ලිපි ප්‍රදානය ඇරඹේ

colombotoday

ආයතන 12ක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්

colombotoday