Colombo Today Local News

“ගම්මන්පිල හැලියෙත් කිඹුල්ලු දකිනවා.. පොලිස්පති පත් කිරීම නීත්‍යානුකූලයි” – නිශාන්ත වර්ණසිංහ

warnasinghe

නව පොලිස්පතිවරයා තෝරාගත් ආකාරය සාධාරණ නොවන බවට පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කරන ප්‍රකාශය පදනම් විරහිත බවත්, එය දේශපාල වෛරයෙන් සිදුකරන ලද්දක් බවත් ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි.

“ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපති නියෝජිත වන පාඨලී චම්පික ඇමතිවරයා පොලිස් විමර්ශන 4 ක සැකකරුවෙක්. ඒ නිසා ඔහු මෙහි වාඩි වෙලා අනාගත පොලිස්පතිවරයා තේරීම හොරාගෙ අම්මගෙන් පේන ඇසීමක් නෙමෙයි හොරාගෙන් පේන ඇසීමක් වගේ වැඩක්.” යැයි ඊයේ 19 පැවති මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබිනි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිෂාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙසේ පැවසීය.

“එතුමා හැලියෙ කිඹුල්ලු දකින කෙනෙක්. එතුමගෙ මෝඩ චූන්වලට අපි පිළිතුරු දියයුතු නැහැ. ඒ සභාවෙ ඉන්නෙ චම්පික ඇමතිතුමා විතරක් නෙමෙයිනෙ. චම්පික ඇමතිතුමාගෙ තනි මතයට අනෙක් සියලු දෙනාම එකඟ කරවගෙන පූජිත් ජයසුන්දර නම නිර්දේශ කළා කියන්න බැහැනෙ.”

රථ වාහන නඩුවක් පවතින අයෙකු මෙවැනි කටයුත්තක් සඳහා නුසුදුසු බවට උදය ගම්මන්පිල මහතා පළ කරන අදහස් විහිලු සහගත බව ද නිෂාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

වසරකදී මෙරට ගබ්සා වීම් 48000ක්.. උපත් ආබාධ සහිත බිලිඳුන් 5800 උපදී

colombotoday

නිව් ඩයමන්ඩ් නෞකාව මැදපෙරදිග මුහුදු කලාපයට රැගෙන යයි

colombotoday

රක්ෂිතයකින් දිරාගිය කාන්තා අස්ථි කොටස් හමු වෙයි

Admin

කෝප් කමිටුව ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායකයින් අද රැස්වෙයි

Admin

ජාතික ආදායමෙන් 38%ක් ධනවතුන්ට

colombotoday

යුක්‍රේනයේ තවත් සංචාරකයින් පිරිසක් දිවයිනට

colombotoday