Colombo Today Local NewsTop Stories

පැලවත්තෙන් අලුත් ස්කාගාරයක්!

බ්‍රව්න්ස් සහ LOLC සමාගම් විසින් 49%ක කොටස් හිමිකම් දරන ගල්ඔය වැවිලි සමාගම වෙත මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් වහාම නිකුත් කරන ලෙසට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව වාර්තා වී තිබේ.

මෙම සමාගම්හි හිමිකාරීත්වය දරනුයේ ජනපති අනුරගේ සමීපතම හිතවතෙක් බවට පත්ව සිටින ඉෂාර නානායක්කාර නම් කෝටිපතියා විසින් බව බොහෝ දෙනෙකු දන්නා කරුණකි.

එසේම කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් මුදලට ගන්නා සැලසුම පිටුපස ඉෂාර නානායක්කාරගේ මුදල් ගෑවී තිබෙන බවටද තිරය පිටුපස රාවයක් පවතී.

කරුණු මෙසේ හෙයින්, මාලිමා ආණ්ඩුවේ මේ ක්‍රියාව ඉෂාර වෙනුවෙන් කරන අයථා කළගුණ සැලකීමක් නො එසේ නම්, කප්පම් ගෙවීමක් ලෙසද සැලකිය හැකිය.

මේ අනුව, දුප්පතුන්ට සහන දීමට ආ රජය දැන් දැන් මහා පරිමාණ ව්‍යාපාරිකයන් පිරිසක් තව තවත් ධනවත් කරමින් සිටින බවට තතු දන්නෝ චෝදනා කරති.

Related posts

රජයේ දෙපාර්තමේන්තු 2ක් ඈවර කරයි

Admin

මධ්‍යම අධිවේගයේ දූෂණ හොයන කෝප් පරීක්ෂණවලට කිරිඇල්ලගෙන් බාධා !

colombotoday

විමල්ගෙන් වන්දි ඉල්ලා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍රගෙන් එන්තරවාසියක්

Admin

අර්ජුන් ඇලෝෂියස්ගෙන් දඹර අමිල හිමිත් මුදල් අරගෙන

colombotoday

‘නුවර ගැටුමට සිංහල තරුණයන් පමණක්‌ අත්අඩංගුවට ගැනීම ගැන සැකයි’ – මාවරලේ භද්දිය හිමි

colombotoday

තානාපති කාර්යාල කිහිපයක් වැසෙයි

colombotoday