Colombo Today Local News

කැන්ටිමේ කෑම විෂ වෙයි! සිසු සිසුවියන් 31 දෙනෙක් හදිසියේම රෝහලට

මඩු කරදියනාර් මහාවිද්‍යාලයේ පාසල් සිසුන් 31 දෙනෙකු අද දින හදිසියේ රෝහල් ගත කෙරුණේ ආහාර අසාත්මිකතාවයක් හේතුවෙන්.

මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ එම පාසලේ ආපනශාලාවෙන් ආහාර ලබා ගත් සිසුන් බවයි සඳහන් වන්නේ.

පාසල් විවේක කාලයේ ආපන ශාලාවෙන් ආහාර ලබා ගත් සිසුන් පිරිසක් දිගින් දිගටම වමනය කිරීමට පටන්ගැනීම නිසා පාසල් බලධාරීන් විසින් ඔවුන්ව රෝහල් ගතකිරීමට පියවර ගනු ලැබුවා.

සිද්ධියෙන් පසු එහි ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හට ආපනශාලාවේ අලෙවියට තිබූ නරක් වූ නූඩ්ල්ස් හමුවී ඇති අතර, මේ හේතුවෙන් උණුසුම් තත්වයක්ද මතුව තිබෙනවා. පසුව ආපනශාලා හිමිකරු පොලිසිය වෙත ගොස් භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෝහල්ගත කොට ඇත්තේ පාසලේ 6 වසරේ සිට 10 වසර දක්වා පන්ති වල සිසු සිසුවියන් පිරිසක් බවයි සඳහන් වන්නේ.

වාර්තාව – කනගරාසා සරවනන්

Related posts

කිරි කැටියා බිහි කල කොවිඩ් ආසාදිත මව දිවියට සමුදෙයි

colombotoday

“ක්‍රිකට් තහනම ඉවත් කරන්න පාර්ලිමේන්තුවම එක් විය යුතුයි”

Admin

සන්ධානයේ පිරිසක් රනිල්ගේ ආණ්ඩුවට…

colombotoday

මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ආත්මයන් දෙවියන් භාර ගනිත්වා – ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ සතුට සමරති…

colombotoday

ජනවාරි 20න් පසු කාලගුණයේ වෙනසක් !

colombotoday

ජනාධිපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක්

colombotoday