Colombo Today Local News

පළාත් සභා ඡන්දෙත් දිනන්න ඕනෑ

රජය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට නම් ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

රජය භෞතිකව සහ සදාචාරාත්මකව රට වෙනස් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා ගන්නා උත්සාහයේදී අභියෝගවලට මුහුණදීමට සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි.රට වෙනස් කිරීමට වසර පහක ජනවරමක් ජනතාව ලබා දී ඇති බවත් විවේචනවලට කිසිවකු කලබල නොවිය යුතු බවත් ඔහු පැවසීය.

කඩා වැටුණු ආර්ථිකයක් තුළ රජය පසුගිය මාස දෙක තුළ දැවැන්ත ජයග්‍රහණ අත්කර ගෙන ඇති බව පැවසූ සිල්වා මහතා රට සංවර්ධනය කිරීමට අවශ්‍ය අඩිතාලම රජය දමා ඇති බවද සදහන් කරයි.කොළඹ පැවැති උත්සවයක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

ඇල්ල වැල්ලවාය මාර්ග‍යේ එක් මංතීරුවක් යළි විවෘත කරයි

Admin

කොටස් වෙළඳපොලේ දැවැන්ත කඩා වැටීමක්

Admin

කාන්තා ජේලර් නයෝමි ප්‍රියදර්ශනී වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර දමයි.. මිගමුව බන්ධනාගාරයෙන් තවදුරටත් දුරකථන හමුවේ

colombotoday

2020 දී සියළුම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ටත් ඡන්ද වරම්

colombotoday

රාජාංගනයේ සද්ධාරතන හිමි තවදුරටත් රිමාන්ඩ්

Admin

මම තමයි අපේක්ෂකයා. මම කියන දේ පිළිගන්න. සජිත් ප්‍රේමදාසගෙන් මාධ්‍යට ගර්ජන

colombotoday