Colombo Today Local News

නව ව්‍යවස්ථාවක් ඕන

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගොඩ නැගීම උදෙසා වර්තමාන ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දුර්වලතා ජය ගැනීමට නව ව්‍යවස්ථාවක අවශ්‍ය බව කොළඹ අගරදගරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

“පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණ සැබෑ තොරතුරු හෙළිදරව් කරගැනීම තමා හුඟාක් වැදගත් වෙන්නේ. කවුද මේක කළේ, කුමන කාරණාවකට මේක කළේ, කාගේ සහයෙන් ද මේක කළේ, කියන එක සම්බන්ධව පුළුල් විමර්ශනයක් කළ යුතුයි.

ලංකාව තුළ පසුගිය කාලයේ දී මේ වාගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා. මිනීමැරුම්, අතුරුදන් කිරීම් ආදි හුඟාක් දේවල්වලට විමර්ශනයක් සිද්ධ වෙලා නෑ හරියාකාරව.

ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කරන ලද නොයෙකුත් දුෂිත ක්‍රියාවන් සියල්ල විමර්ශනය කරන්න අවශ්‍ය යාන්ත්‍රණය දැනට සකස් කරන්න කියන එක තමා අපේ ඉල්ලීම.

එයට අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස සිදුකිරීම අවශ්‍යයි. දැනට පවතින ව්‍යවස්ථාව තුළ තියෙන නොයෙකුත් දුර්වලකම් ජයගැනීමට නව ව්‍යවස්ථාවක් තිබිය යුතුයි.”

Related posts

බස්නාහිර පළාත් අවසන් වාර විභාග ගැන ගත් තීරණය

colombotoday

Video – තනපටයට කොමිසමක් දාන්න හදන ආණ්ඩුවට බොදු බලෙන් අභියෝගයක්!

colombotoday

“ඇති තරම් කාර් තියනවා.. ඕන කෙනෙක් ගන්න එකයි තියන්නේ” – ජෝන් ඇමති කාර් කතාව අළුත් කරයි

colombotoday

ඉන්ධන කෝටාව අලුත් කරයි

colombotoday

මඩකලපුව, කාත්තාන්කුඩි නිවාස දෙකකින් පුපුරණ ද්‍රව්‍ය, බෝම්බ අත්අඩංගුවට

colombotoday

ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීම: ඉහළ අවදානම් සහිත ලැයිස්තුවෙන් ශ‍්‍රී ලංකාව ඉවතට

colombotoday