Colombo Today Local News

ආපහු දේශපාලනයට එන්නේ නෑ

තමන් නැවතත් කිසි දිනක දේශපාලනයට එකතු නොවන බව ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසයි.

“දේශපාලනය කරන්නෑ මම. ආයෙ ජීවිතේට දේශපාලනය කරන්නෑ, අප්පෝ හොඳටම ඇති. නොදකින් නොදෝමකින්. දේශපාලනය කියන්නෙ තනිකර බල පොරයක් සහ අපේ ජීවිතවල අපි හදාගත්ත ප්‍රතිරූප කුඩු පට්ටම් වෙන තැනක්. මම සම්මාන දිනාගත්තෙ, මම රටේ මිනිස්සුන්ගෙ ආදරය දිනාගත්තෙ දේශපාලනයෙන් නෙවෙයි.

හැබැයි මම මෙහෙම ස්වාධීන වුණාම මම නිදහස් මනුස්සයෙක්. ඕනෙම කෙනෙක්ගෙ වරදක්, හොඳ දෙයක් මට මේ වගේ ඇවිල්ලා රටටම කියලා කතා කරන්න පුළුවන්. ඒ නිදහස මම දැන් භුක්ති විඳිනවා කලාකාරිනියක් විදියට සහ පුරවැසියෙක් විදියට. මට ඒ ලැබිච්ච ආදරයනෙ මම පාවිච්චි කළේ දේශපාලනය තුළත්. ඉතින් ආපහු ඒ ආදරේ මම කාටවත් පාවිච්චි කරන්න දෙන්නෙ නෑ, ඒ ආදරය මම මගේ රටේ මිනිස්සු වෙනුවෙන් පාවිච්චි කරනවා.

මට ලොකු කළකිරීමක් තියෙන්නෙ. ඒ මම දැක්කානෙ සමගි ජන බලවේගයෙන් මට කරපු දේ. ඒ රැවටීම කොයිතරම් තිරිසන්ද නේ ? තමුන් වෙනුවෙන් වැඩ කරපු මනුස්සයෙක්ට. අනිත් එක මම නාම යෝජනා ඉල්ලලා නෙවෙයිනෙ, මට ඕනෙ තැනකින් ඉල්ලන්න කියද්දී හේෂා වැනි මනුස්සයෙක් සහ රංජිත් මද්දුම බණ්ඩාර මහ ලේකම්වරයා වැනි කෙනෙක් මූණට කිසිම අසාධාරණයක් කරන්නෑ කියලා ඒ කරපු වැඩේ ඒවා මහා කුජීත තුප්පහි වැඩ. මාව මරලා දැම්මා නම් හොඳයි ඔයිට වැඩිය. අවස්ථාව තැන දෙන්න ඕනෙ මනුස්සයාට කකුලෙන් අදිනවා. මේ වගේ දේවල් අනාගතයේදීවත් නොවුණොත් ඔය පක්ෂයට අනාගතයක් තියෙයි, නැත්නම් පක්ෂයම කුඩු පට්ටම් වෙලා යාවි.”

Related posts

“නව ව්‍යවස්ථාවක් හදන්න මේ ආණ්ඩුවට බෑ” – ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

colombotoday

අර්ජුන්ට අරක්කු පෙරන්න වී නිකුත් කර ඇත්තේ කැබිනට් අනුමැතියෙන්… හැරිසන්ටත් ගජ වාසි !!

colombotoday

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි

Admin

තරුණයකු දීර්ඝ කාලයක් සිර කරන්න හොඳ නෑ. සිද්ධිය වෙද්දී බීලා ඉදල තියෙනෙ. එනිසා දුමින්ද සිල්වා නිදහස් කරන්න

colombotoday

මහජන බැංකුවේ මුල් පුටුව බොදු විරෝධියෙකුට.. සියළු ගිණුම් ඉවත් කරගැනීමට භික්ෂූන් වහන්සේලා සැරසෙයි !

colombotoday

පහළම තැන සිට වැඩ අරඹයි.. ජනතාවට කඩිනම් ප්‍රතිඵල අත් කරදෙන්නැයි ජනපති රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්ට කියයි.

colombotoday