Colombo Today Local News

තුන් මාසෙන් රට ස්ථාවර කළා

නව රජයට මාස තුනක් ඇතුළත රට ස්ථාවර කිරීමට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

මුදල් අමාත්‍යාංශය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කර රට ස්ථාවර කිරීමට පැහැදිලි තීරණ ගැනීමට ජනාධිපතිතුමාට හැකි වූ බවත් ඔහු සඳහන් කරයි.

මේ වන විට නව ආයෝජන ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති අතර, නවතා දමා තිබූ විදේශ අරමුදල් ව්‍යාපෘති කිහිපයක් යළි ආරම්භ වී ඇති බවත් ඇමතිවරයා හෙළි කරයි.

දේශීය හා ජාත්‍යන්තර ව්‍යවසායකයින් සහ ආයෝජකයින් තුළ රට කෙරෙහි විශ්වාසයක් ගොඩනැගී ඇති බව පැවසූ අමාත්‍යවරයා, කොටස් වෙළෙඳපොළ ද පසුගිය කාලයේ දැඩි වර්ධනයක් පෙන්නුම් කළ බවත් පෙන්වා දෙයි.

කළුතරදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

මම බයනැතුව කියනවා, විජයදාස හොරෙක් – ෆීල්ඩ් මාර්ෂල්

colombotoday

රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන

colombotoday

රාජිතව මරන්න එනවා කියන අය ගැන බුද්ධි අංශවලට වාර්තා වී නෑ… ඉල්ලුවානම් අමතර ආරක්ෂාවක් දෙනවා

colombotoday

කවුරු නැතත් අපි හතරක් ආණ්ඩුවට යනවා – මුස්ලිම් කොංග‍්‍රස් ප‍්‍රබලයා හකීම්ට දන්වයි

colombotoday

ලොව හොඳම වනජීවී ඡායාරූප ශිල්පීන් අතරට ශ්‍රී ලාංකයින් දෙදෙනෙක්

colombotoday

දයා රත්නායක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති තනතුරින් ඉවතට!

colombotoday