Colombo Today Local News

ඇමති වසන්ත දැන් පදින්නේ ලෑන්ඩ් රෝවර් එකක්

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මේ දිනවල භාවිතා කරමින් සිටින්නේ ලෑන්ඩ් රෝවර් ඩිස්කවරු වර්ගයේ ජීප් රථයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ මහතා සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි විගස ගාලු මුවදොර වාහන සංදර්ශනයක් පවත්වමින් සුඛෝපභෝගී වාහන භාවිතා නොකරන බව පැවසූ ඔවුන් අද මෙම මෙම සැප පහසු වාහන පාවිච්චි කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මේ අතර වසන්ත සමරසිංහ මහතා දැන් භාවිතා කරන වාහනය කුමක්දැයි දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනකදී ඔහුගෙන් අවස්ථා දෙකකදී විමසුවද ඔහු ඒ සඳහා නිශ්චිත පිළිතුරක් ලබා නොදුන්නේය.

තමන් භාවිතා කරන්නේ ඉන්ධන ලීටරයට කිලෝමීටර් හත අටක් යන ජීප් රථයක් බව පමණක් කී ඔහු එම වාහන වර්ගයේ නම හෝ මාදිලිය සඳහන් නොකලේය.

Related posts

සංඝආඥාවක් නිකුත් කෙරේ… රට බෙදෙන 20 එපා… මහා සංඝරත්නය ඒකමතිකව තීරණය කරයි

colombotoday

අන්තරේ පාගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

colombotoday

ඇමරිකා හමුදාව ශ්‍රී ලංකාවේ ස්ථානගත වීමේ සූදානමක්.. 5වන නෞකා බළඇණිය ඩෙල්ෆ් දූපතට !!!

colombotoday

ලොකු ලූනු මුවාවෙන් ගෙන්වූ කහ

colombotoday

වෛද්‍ය සභා නිලවරණයේදී වෛද්‍යවරු ගැටෙති.. ගුටි ඇණගෙන කලිසම් ඉරාගනී

colombotoday

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්

colombotoday