Colombo Today Local News

අගමැති හරිනිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.

ඒ රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා විසිනි.

රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඔහු ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම පෙත්සම ගෙනු කර ඇත.

මෙම පෙත්සමෙන් පෙන්වා දෙන්නේ තමන් සේවයෙන් ඉවත් කිරීම දේශපාලන අවශ්‍යතාවයක් මත සිදුවූවක් බවය.

එමෙන්ම උපකුලපති දුරයට නිසි බලධරයකු පත් කිරීමේදී ක‍්‍රියාපටිපාටිය උල්ලංඝනය කර ඇති බවටද පවසන ඔහු මෙහ දේශපාලන පළිගැනීමක් බවද කියා සිටියි.

අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අගමැතිනි හරිනි අමරසූරිය, උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේදනය මෙහි වග උත්තරකරුවන් කර තිබේ.

Related posts

කුඩා දරුවන්ට ගිනි අවි පුහුණුව දුන් “හැන්ස්” සංවිධානයේ විධායක අධ්‍යක්ෂකගෙන් ප්‍රශ්න කරයි. සහරාන් දේශනාත් පවත්වලා

colombotoday

චෝදනා මල්ලක් අරන් ඩයස්පොරාව සමග සන්ධ්‍යා එක්නැලිගොඩත් ජිනීවා යයි !

colombotoday

කො⁣රතොට ඉන්ධනහලකට බෝම්බ ප්‍රහාරයක්

Admin

පේදුරුතුඩුවේ මිනිසෙක් නූලක එල්ලී උඩ යයි

colombotoday

රත්තරන් මිලේ සුළු වෙනසක්

Admin

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday