Colombo Today Local News

ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ දැමීමේ ගෞරවය යා යුත්තේ රනිල්ටයි

රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම රජයට පමණක් නොව සමස්ත ආර්ථිකයටම සුබදායක ආරංචියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව ණය පැහැර හරින්නන්ගේ කණ්ඩායමෙන් ඉවතට ගෙන ලොව ප්‍රමුඛ පෙළේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන වන MOODY’S ආයතනය සහ ෆිච් රේටින්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නංවා තිබෙන බවත් එය රටටම සතුටුදායක ආරංචියක් බවත් ඔහු සඳහන් කරයි.

ණය ගැනීම සම්බන්ධයෙන් රට අර්බුදයකට පත් කර තිබීම නිසා පෞද්ගලික අංශයේ ආයෝජකයන්ට දැඩි ලෙස බලපෑවා. විදුලි ඒකකයකට අය කළ යුතු මුදල සම්බන්ධයෙන් ඉන්දියාවේ අදානි සමාගම ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කරන වකවානුවේ ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දමා ඇති නිසා ඉන්දියාවේ අදානි සමාගමට එය බලපාන බව එම සමාගමත් ප්‍රකාශ කරලා තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දමා ඇති නිසා ආයෝජකයන් ලංකාවට එන්න මැළිකමක් දක්වා තිබුණා.

ඒ නිසා ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම රජයට පමණක් නෙවෙයි සමස්ත ආර්ථිකයටම එය සුබදායක ආරංචියක්. ඒ වගේම තවම ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ණය ගත හැකි ශ්‍රේණිගත කිරීමකට ශ්‍රී ලංකාව පැමිණිලා නැහැ. එතනට ශ්‍රී ලංකාව පැමිණෙන්න ආර්ථිකය ශක්තිමත් විය යුතුව තිබෙනවා.

ඒ වගේම දැන් මේ ලැබිලා තිබෙන්නේ පසුගිය ආණ්ඩුව සිදු කළ දේවල් වගේම පාර්ලිමේන්තුවේ සම්මත වුණු අණ පනත් සහ රට වැටිලා තිබුණු ආර්ථිකය යම්කිසි ස්ථාවරභාවයට ගෙන එන්න දරපු උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි.

අලුතින් සිදු කළ දෙයක් නිසා නෙවෙයි ජනාධිපතිවරණයට පෙර ඇති කර ගත් එකඟතාව ඉස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් නොකර ඒ ආකාරයෙන්ම ඉදිරියට යෑම හරහා තමයි මේ ණය ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට පැමිණිලා තිබෙන්නේ.

Related posts

දැරියකට ලිංගික අතවරයන් කළ අසල්වැසි ඥාති පස්දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

සිංහ පුතුන්ගේ හඩ ජිනීවාහී රැව් දෙයි… තිස් වසරක් නොකී ඊළමේ බොරුව ලෝකය ඉදිරියේ දිගහරී…

colombotoday

යහපාලනයෙන් වැඩක් නෑ කියා නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ විපක්ෂයට එක්වෙයි

colombotoday

ගුවන් තොටුපොලට ලැබුණු ව්‍යාජ ඊමේල් පණිවුඩය ගැන ජනතාව බය වෙන එපා – ආරක්ෂක ලේකම්ගෙන් නිවේදනයක්

colombotoday

නීතිය නොකර අල්ලස් ගත් පොලිස් කොස්තාපල්ට වැඩ වරදී

colombotoday

“ලංකාවේ ක්‍රිකට් විනාශ කරා.. අවුල් ජාලයක් කරා…” – මුරලිගෙන් දේශපාලකයන්ට ප්‍රබල චෝදනාවක්

colombotoday