Colombo Today Local News

රන්වලට ආචාර්ය උපාධිය දුන්නේ අපියි-ගොවිජන බලමුළුව

රසායනික පොහොර සමග සටන් කර වස විස නැති අස්වැන්නක් නිර්මාණය කිරීම සඳහා ජෛව ජනන හරිත තාක්ෂණය හඳුන්වා දුන්නේ අශෝක රන්වල යැයි ද ඔහුට ආචාර්ය පදවිය ප්‍රදානය කරනු ලැබුවේ ගොවීන් විසින් යැයි ද ගොවිජන බලමුළුවේ ජාතික සංවිධායක කේ.ඩී. සුනන්ද ලාල් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ගොවිජන බලමුළුව බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේ ඊයේ (17) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ය.

අශෝක රන්වල කතානායක තනතුරට යෝජනා කළ විට ඔහුගේ අතපය බැඳ දැමීමක් වී දැයි ගොවීන් කම්පනයට පත්වූයේ යැයි ද ජාතික සංවිධායකවරයා සඳහන් කළේ ය.

එනිසා ගොවීන්ගේ හදවත හඳුනන රන්වලට කෘෂිකර්මාන්තය වෙනුවෙන් වගකීමක් දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ යැයි කී හෙතෙම තම ආචාර්ය තනතුර ගැන නිසි වෙලාවට ඔහු ප්‍රකාශයක් කරනු ඇති බව ඔහු පැවසීය.

සංවිධායකවරයා ප්‍රකාශ කළේ, මහාචාර්ය පදවි ඇති බොහෝ පිරිස් ඇටේ හෝ පොත්ත ගැන ප්‍රවීණයන් වුවද ගොවීන් සමග වැඩ කරන බොහෝ ආචාර්යවරුන් වැඩ බැරි ටාසන්ලා බව ය.

අපි වවමු රට නගමු, වසවිස නැති රටක් හා වසවිස නැති කාබනික ගොවි ව්‍යාපෘතිය යටතේත් අශෝක රන්වල කෘෂි ක්‍ෂේත්‍රයට විශාල සේවයක් කළේ යැයි ද ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Related posts

දුම්රිය සේවය පුද්ගලිකකරණයට සූදානම්… මුල් පියවරට කැබිනට් අනුමැතිය !

colombotoday

ස්ථාන මාරුවීම් ලැබූ සුරාබදු මානව සම්පත් කොමසාරිස් තවම කාර්යාලයේ : නව පත්වීම් ලැබූ නිලධාරියා අසරණ වෙයි

colombotoday

අමාත්‍යාංශ 38ක් අසාර්ථකයි.. වරද ලේකම්වරුන් පිට පැටවෙයි.. වැඩබැරි ඇමතිලා ශුද්දයි !!

colombotoday

බබාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

Admin

උගන්ඩාවේ සල්ලි ගේන්න පරම්පරාවේම සහය හිමි වෙයි

Admin

”ඔය වොයිස්කට් දෙන බහුතරය දියවැඩියාවට බෙහෙත් බොනවා”

colombotoday