Colombo Today Local News

ඉන්දු – ලංකා හනුමා පාලම අනිවාර්යෙන්ම හදනවා – ඉන්දීය රාජ්‍ය ඇමති කියයි

indu-sl-bridge6

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් පාලම ඉදිකිරීම අනිවාර්ය බව ඉන්දීය ප්‍රවාහන, මහාමාර්ග හා නාවික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පොන් රාධක්‍රිෂ්ණන් පවසා ඇත.

රාමනාතපුරම්හිදී වාර්තාකරුවන් ඇමතූ රාජ්‍ය අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම මහා කවි භාරතීගේ සිහිනයක්‌ සැබෑවීමක්‌ බව ද සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය සඳහා ලංකා රජය අනුමැතිය පළ කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

රාමේශ්වරම් හා තලේමන්නාරම යා කරමින් මෙම පාලම ඉදිකෙරෙනු ඇත.

2014 මැයි මාසයේ බලයට පත් වූ නරේJද්‍ර මෝදි ආණ්‌ඩුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ප්‍රකාශ කර සිටියේය.

කවරක්‌ නමුත් ශ්‍රී ලාංකික සංවිධාන රැසක්‌ මේ පාලම ඉදිකිරීම පිළිබඳ විරෝධය පළ කර ඇත.

චතුර පමුණුව

Related posts

අය වැය දෙවනවර කියවීමේ විවාදය අද සිට ඇරඹේ

Admin

බස් රථ මං තීරු ක්‍රමයට කැබිනට් අනුමැතිය.. ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි

colombotoday

“හිමාලයා ප්‍රකාශනය” ජනපති අතට

Admin

අයි.එම්.එෆ්. සාකඡාවට මුදල් ඇමති නෑ

Admin

හිස් පතුරොම්කොපු රැගෙන දළදා මාලිගයට අයෙක්ගේ අල්ලයි

Admin

අප්‍රේල් සිට උමාඔයෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට

Admin