Colombo Today Local News

රජයේ සේවක වැටුප් වැඩිකරන්න සූදානමක්?

2025 වසරේ සිට රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.

නමුත් කොපමණ ප්‍රමාණයකින් වැටුප් වැඩි කරන්නේ දැයි දැන්ම කිව නොහැකි බවද පැවසුව ඔහු රාජ්‍ය සේවකයන් කිසි දිනක රවටන්නේ නැතයිද කියා සිටියේය.

අද පැවති කැබිනට් තීන්දු දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පළ කළේය.

“ජනවාරි සිට උදය ආර් සෙනෙවිරත්න මහතාගේ කමිටු වාර්තාව අනුව වැටුප් වැඩි කරන්න මුදල් වෙන් කිරීමක් කරලා නැහැ. මුදල් තියෙනවාද නැද්ද කියලා නිරීක්ෂණවත් අරගෙන නැහැ. කැබිනට් මණ්ඩලය තීන්දු ගන්න පුළුවන් හැබැයි දෙන්න ක්‍රමයක් නැහැ.

ඉතිං ඒ වගේ තමයි රුපියල් 5000. ඒ කියන්නේ ජනවාරි මාසේ ඉඳලා රුපියල් 10,000කින් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරන්න ගිය ආණ්ඩුව තීරණයක් ගත්තා. අප්‍රේල් මාසේ දක්වා වෙච්ච හිඟ මුදල ඔක්තෝබර් ඉඳලා දෙනවා කියලා කිව්වා. හැබැයි අප්‍රේල්වල ඉඳලා 10,000ම වැටුපට ලැබුණා. අර හිඟ මුදල ලබා දෙන්න තීන්දුවක් අරගෙන නැහැ.

ඒ අතරතුරේදී ඕවා කියන ගමන් 2024 ජනවාරි 10 වැනිදා චක්‍රලේඛනයක් නිකුත් කරනවා 2024 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනා සහ වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් දායක මුදල් අයකිරීම සංශෝධනය කිරීම.

මේකේ ඉතා පැහැදිලිව චක්‍රලේඛනයේ තියෙන්නේ මොකක්ද මේ තියෙන්නේ සඳහන් කරලා 2024 ජනවාරි මාසයේ සිට මාර්තු මාසය තෙක් වූ හිඟ ජීවන වියදම් දීමනාව 2025 ජනවාරි සිය මාර්තු තෙක් මාසිකව රුපියල් 5000 බැගින් මාසිකව ගෙවා අවසන් කිරීම. මෙන්න චක්‍රලේඛය.

එතකොට රටට කියුවේ අමූලික බොරුවක්. ඒ නිසා අපි පැහැදිළිව රාජ්‍ය සේවකයින්ට කියනවා අපි කවදාවත් ඔබව රවට්ටන්නේ නෑ 2025 සිට රාජ්‍ය සේවයින්ට වැටුප් වැඩි කිරීමක් කරනවා ඒ සහතිකය ඔබට දෙනවා හැබැයි කොයිතරම් ප්‍රමාණයකින්ද කියලා දැන්ම කියන්න අමාරුයි”

Related posts

විජයකලාගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනපතිට සහ අගමැතිට බාර දෙයි

colombotoday

74 වන අභිමාවත් නිදහස් දිනය අදයි..

colombotoday

බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට | සීමාවන්ට යටත්ව බස් සහ දුම්රිය ධාවනය යළිත්..

colombotoday

ජනපතිට 67යි… රටපුරා පිංකම්…

colombotoday

ඥානසාර හිමිට හිමිවූ ජනාධිපති සමාව බල රහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

පස් යට සැඟවුණු නිවැසියන්ගේ සිරුරු වැළලූණු තැනම නිසොල්මන්ව සිටි සුනඛයා

colombotoday