Colombo Today Local News

විජිතට හැරෙන තැපෑලෙන් පිලිතුරු

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රසිද්ධියට පත් නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට තමා සූදානම් යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ එස්.අයි. ඉමාම් සහ ඒ.එන්.ජේ. ද අල්විස් වාර්තා දෙක තමාට පසුගිය 10 වැනිදා තැපැල් මගින් ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අද (16දා) පෙරවරු 10.00ට පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කරන බවත් ගම්මන්පිල මහතා කීය.

ප්‍රසිද්ධ කර නොමැති වාර්තා දෙක තමා ප්‍රසිද්ධ නොකිරීම පිළිබඳව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා ඊයේ කැබිනට් හමුවේදී අදහස් දැක්වූ බවත්, එම ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට තමා ජනාධිපතිවරයාට සතියක කාලයක් ලබාදී තිබෙන බවත් හෙතෙම පැවසීය.

පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ජනාධිපතිවරයා කටුවපිටිය දේවස්ථානයට හිස් අතින් යෑම වැරදි බවත් ජනාධිපතිවරයා එම දේවස්ථානයට යනවිට ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක රැගෙන යෑමට තිබුණු බව පැවසූ බවත් ගම්මන්පිල මහතා කීය.

එස්.අයි. ඉමාම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු වාර්තාව 2024 ජුනි 24 – 25 දිනවලටත් විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ. ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන්යුත් වාර්තාව 2024 සැප්තැම්බර් 14දාත් හිටපු ජනාධිපතිවරයාට භාරදී තිබෙන බවද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

චමින්ද සිල්වා
– දිවයින

Related posts

සාක්කිකරුවෙක්ට තර්ජනය කල සැරයන් අත්අඩංගුවට

Admin

බ්‍රිතාන්‍ය කිරීටයෙන් සිරිලක මුළුමනින්ම නිදහස ලැබූ.. ජාතියට අමතකව යන ජනරජ දිනය

colombotoday

බිත්තර ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි

Admin

සුසිල්, දයාසිරි රනිල් සමග පැටළේ.. තෙල් ටැංකි ගිවිසුමෙන් කැබිනට්ටුව යළි රත්වෙයි

colombotoday

ඌව මහ ඇමති චාමර කෑෆේ කීර්තිට ආණ්ඩුකාර පුටුව නොදී පන්නා දමයි… ඌවෙන් දකුණට මාරුවක්..

colombotoday

ටෙලි නිලියක් මහ රෑ ‍ගේට්ටුවත් කඩාගෙන පාර්ලිමේන්තු ගිහින්… ගොඩින් බේරෙන්න තරුණ ඇමතිගෙන් අත හිත

colombotoday