Colombo Today Local News

රොශාන් දිලිත් සමග එක් වෙයි ආ සැනින් ලොකු තනතුරකුත්

හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද (02) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි.

ඒ, කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය.

පසුගිය ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරග වැදුණු, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද මව්බිම ජනතා පක්ෂය සමඟ එක්වූ අතර එහිදී ඔහුට එම පක්ෂයේ සභාපති ධුරය පිරිනැමුණි.

එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතාද අද මව්බිම ජනතා පක්ෂයට එක්වූ අතර ඔහුට පක්ෂයේ උප සභාපති ධුරය හිමිවිය.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතාද අද මව්බිම ජනතා පක්ෂයට එක්වූ අතර, ඔහු පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙසෙ පත්කෙරුණි.

මේ අතර, මව්බිම ජනතා පක්ෂයේ කටාන ආසන සංවිධායක ධුරයට හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මහතා පත්කෙරුණි.

Related posts

බදු ඉවත් නොකලොත් ඩීසල් 52 කින් – පෙට්‍රල් 19 කින් ඉහළ දැමීමට සිදු වෙනවා

colombotoday

මැතිවරණයට කලින් ගෝඨාට මොනව වෙයිද දන්නෙ නෑ, තවත් නඩුවක් දානවා – ජෝන්

colombotoday

ගම්පහ ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

colombotoday

පාස්කු ප්‍රහාරයට චෝදනා ලැබ සිටින සෙසු සැකකරුවන්ට නුදුරේම නඩු

colombotoday

එජාප ප්‍රබල ඇමති රහසේ ජනපති හමුවෙයි… අගමැති එළවන්නැයි ඉල්ලයි

colombotoday

රුහුණෙන් මානුෂීය මෙහෙවරක්… බලාපොරොත්තුවේ පියසටහනට ඔබත් එකතු වන්න

colombotoday