Uncategorized

ආදානි බංගලාදේශයේ ලයිට් කපයි රටම අදුරේ

බංගලිදේශය තම රටට සපයන විදුලිය වෙනුවෙන් ඉන්දියාවේ පෞද්ගලික සමාගමක් වන ‘අදානි පවර්’ සහ තවත් ඉන්දීය රජයට අයත් විදුලිබල සමාගම්වලට ඩොලර් බිලියනයකට වඩා ණය වී තිබේ.

‘අදානි පවර්’ සමාගම ඔවුන්ට ලැබිය යුතු ඩොලර් මිලියන 800 පියවීමට මැදිහත්වීම ඉල්ලා බංග්ලාදේශ අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධාන උපදේශක මුහම්මද් යුනුස් වෙත දැනටමත් ලිපියක් යොමු කර ඇත.

බංග්ලාදේශයට විදුලිය අපනයනය කරන ජාර්කන්ඩ් ප්‍රාන්තයේ ගොඩා හි පිහිටි ‘අදානි පවර්’ තාප බලාගාරයෙන් බංගලිදේශයට යවන විදුලිය මෙගාවොට් 500කින් සැපයුම කපා හැර ඇත. ඉතා ඉක්මනින් ගෙවිය යුතු මුදල් පියවා ගැනීමට පියවීමක් නොමැති නම් මේ කපා හැරීම වැඩිවනු ඇත.

බංගලිදේශය අතිවිශාල මුදලක් ගෙවිය යුතු ඉන්දියාවේ අනෙක් රාජ්‍ය බලශක්ති සමාගම් කිහිපයක් ද මාස දෙක තුනක සිට බංග්ලාදේශයට යවන විදුලිය ප්‍රමාණය අඩු කිරීමට පියවර ගෙන ඇත. මේ හේතුවෙන් එරට බරපතළ විදුලි අර්බුදයක් හට ගෙන තිබේ.

බංගලාදේශ මීට මාස කිහිපයකට පෙර රැකියා කෝටා ක්‍රමයක් මුල් කරගනිමින් පැවැති ශෙයික් හසීනාගේ ආන්ඩුව පන්නා දැමීමට කටයුතු කලේ ඉහල ආර්ථික වර්ධනයක් හිමි රටක් වශයෙන් පැවති සමයකයි.

Related posts

රනිල් නත්තල් සීයට ඇඳලා

Admin

මධ්‍යම අධිවේගයේ කොටසක වැඩ අත්හිටුවයි | සැලැස්ම යලි සමාලෝචනයට.

colombotoday

කොතලාවල නිවසක් තුල තිබී කාන්තා මල සිරුරක් හමුවේ

Admin

ළමා අපචාරකයන්, ස්ත්‍රී දූෂකයන් “හිරිවට්ටන විදිහේ” නීතියක් ගෙනෙන්න යයි

colombotoday

තහවුරු කල තවත් කොවිඩ් මරණ 61ක්

colombotoday

“පිටි මිල අඩු කළොත් , පාං මිල අඩු වෙයි” – බේකරි හිමියන්ගේ සංගමය

Admin