Colombo Today Local News

සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයකට අසූචි ප්‍රහාරයක්

ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැදවච්චිය ආසනයේ කිරිගල්ලෑව කොට්ඨාසයේ ස්ථාපිත කර තිබූ සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයකට අසූචි ප්‍රහාරයක් එල්ල කර ඇත.


එම ක්‍රියාව ජනතා විමික්ති පෙරමුණෙ මැර කණ්ඩායම් සිදු කර ඇති බවත් නැවත ජනතා විමුක්ති පෙරමුණ පරණ කණ්ඩායම් ඔවුන්ගේ පරාජය දරා ගැනීමට නොහැකිව සක්‍රීය වෙමින් ජනතාව බියට පත් කරන්න කටයුතු කරමින් සිටින බව එම ස්ථානයට පැමිණ තම පාක්ෂිකයින් හමු වූ සමගිජන බලවේගයේ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.


එම පිරිස තමන්ගේ මත වාද වලට අහිංසක ජනතාව අවනත නැත්නම් මෙවැනි ක්‍රියා සිදු කරන බවත් මෙවැනි මර්ධනය කිරීම්, භීෂණ ගම් තුළින් ස්මතු කරමින් ජනතා විමික්ති පෙරමුණ තම නොහැකියාව පෙන්වමින් සිටින බව ද මන්ත්‍රී වරයා වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.

Related posts

පහුගිය රජයේ ඇමතිකම් කළ ඒකාබද්ධ විපක්ෂයේ 33කට නඩු දානවා.. ඔවුන් හොරු – අමුණුගම

colombotoday

අයි.එම්.එෆ් එනවනම් විවාදෙට එන්න බෑ

Admin

බුද්ධි අංශ පාවාදෙන තේරීම් කාරක සභාව නිසා ජනපති – අගමැති ගැටුම උග්‍ර වෙයි

colombotoday

ඩොලර් ලක්ෂ තුනක් ආයෝජනය කළොත්, විදේශිකයන්ට මෙරට වීසා

colombotoday

අයවැයට එරෙහිව ගොවි හමුදාවක් ලිප්ටන් වටරවුමෙන් වීදි බසී

colombotoday

“සඳුදා වෙනකං විදුලිය කපන්නෙ නෑ!” – මහජන උපයෝගීතා කොමිසම කියයි

colombotoday