Colombo Today Local News

ශ්‍රී ලංකා කණ්ඩායම යලි ලංකාවට

බංග්ලාදේශයේ සාර්ථක තරග සංචාරයක් නිමකළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ යළි දිවයිනට පැමිණියේය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තමන් මේ දක්වා ගත් තීරණ සියල්ල හරිගිය බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පැවසුවේ ය.

ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වූයේය.

“ටිකක් අමාරුයි ඒ හීට් එකත් එක්ක කරට කර ගැටෙන්න ඒ රටේදී ඒ කණ්ඩායමත් එක්ක. අපේ කණ්ඩායමේ අය හරි දේවල් හරි විදියට කරපු නිසා තරගාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් වුණා. තව මාස දෙකකින් එංගලන්තයට යන්න තියෙනවා ටෙස්ට් තරගාවලියකට. ඉතින් ඒකට සූදානම් වෙන්න සැලසුම් තියෙනවා ඒක කරගෙන යනවා. සියයට සියයක්ම හරියි කියලා හිතන්නේ නෑ දවස ගානේ අපි ඉගෙනගන්නවා ක්‍රිකට්වලින් මම හිතනවා ඒ පොඩි පොඩිදේවල් හදාගෙන ඉදිරි තරගාවලි ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. කලින් නායකයන්ට දුන්න සහයෝගයම මට කණ්ඩායමෙන් ලැබෙනවා. කලින් නායකයිනුත් මට සෑහෙන්න සහායක් දෙනවා, හරි ලේසියි ඒ හින්දා මට කණ්ඩායම ඉදිරියට අරගෙන යන්න. මම හිතනවා මම ගත්ත තීරණ සියල්ල හරිගියා කියලා දැනට”

Related posts

නිරෝධායන නීති කැඩූ 433ක් අත්අඩංගුවට | වැඩිම පිරිස ඇඹිලිපිටියෙන්..

colombotoday

පුද්ගලයෙකුට පහරදී මුදල් හා ස්වර්ණාභරණ පැහැරගත් එජාප මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

ජනපතිගේ හපන්කමක් නිසා බිලියන 4.7ක් රටට පාඩුවෙලා

colombotoday

හලාවත ප්‍රදේශයේ උසස්පෙළ සිසුවෙකුට කොරෝනා

colombotoday

හමුදා කදවුරු 64ක් නැගෙනහිරින් ඉවතට !

colombotoday

සත්ව ආහාර හා බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම අත්හිටුවන්න උපදෙස්

Admin