ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුරය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හා දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති කේ. එච්. නන්දසේන මහතා අභාවප්රාප්ත වී තිබේ.
හදිසි රෝගී තත්ත්වයකින් ඒ මහතා මියයන විට 70 වන වියේ පසුවු බව වාර්තා වේ.
ඔහු පළමු වරට මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ 2020 වසරේදීය.