Colombo Today Local News

පුතාගේ මරණයේ සැකකරුට පියාගෙන් ඇසිඩ් පහරක්

අද (06) උදෑසන රත්නපුර මහාධිකරණ සංකීර්ණය අසල දී පුද්ගලයින් පිරිසකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

රිය අනතුරක් සම්බන්ධ නඩුවක් සඳහා පැමිණෙමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර එම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති අතර ඉන් එම අවස්ථාවේදී මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවන් දෙදෙනෙක්ද තුවාල ලබා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

ඇසිඩ් ප්‍රහාරයට ලක්ව ඇත්තේ පසුගිය වසරේ සිංහල අලුත් අවුරුදු දා රත්නපුර සමන් දේවාලය අසල සිදු වූ මාරක රිය අනතුරේ ප්‍රධාන සැකකරු බව හඳුනාගෙන ඇත.

ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බවට සැකපිට අදාළ රිය අනතුරෙන් මියගිය තරුණයාගේ පියා රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ

Related posts

බල්ලෙකුටවත් කන්න බෑ කියා ජනපති කියූ “ශ්‍රී ලංකන්“ කජු මන්ත්‍රී නාමල් රසකර කයි…

colombotoday

ආණ්ඩුව රැකගන්න මත්ද්‍රව්‍ය හා දුම්වැටි තහනම් කරන්නේ නෑ – ජනපති

colombotoday

2021 සිට 2030 දක්වා වන නිපුණතා සංවර්ධන දශකය නම් කෙරේ

colombotoday

කොරෝනා ආසාදිතයින් 19ක් හදුනා ගනී

colombotoday

බොදු බල සේනාවට සයිබර් ත්‍රස්ත ප්‍රහාරයක් !

colombotoday

විදේශ වලදී උපයන මුදල් මෙරට ආයෝජනයේදී ශ්‍රී ලාංකිකයන්ට විශේෂ බදු සහන…

colombotoday