පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කරන්නේ යුක්තිය මෙහෙයුම වඩාත් කාර්යක්ෂම ව හා ශක්තිමත් ව
ඉදිරියට ගෙන යන බවයි.
අද (02) මහනුවර දී දළදා සමිඳු වැඳ පුදා ගැනීමෙන් අනතුරු ව ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.
තවද පොලිස්පතිවරයා සඳහන් කරන්නේ අපරාධකරුවන්, ජාවාරම්කරුවන් සහ පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කර නොමැති බවත් ඉතා කෙටි කාලයකින් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවයි.