Colombo Today Local NewsUncategorized

කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 6කට අද (22) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, පුත්තලම, කුරුණෑගල, කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහායි.

එම පළාතේ සහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම, අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තත්ත්වයෙන් ආරක්ෂාවීමට එම දෙපාර්තමේන්තුව උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබෙන බව සදහන් වේ.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම.

අධික වෙහෙසකාරි කටයුතු සීමා කිරීම.

සුදු හෝ ලා පැහැති ඇඳුම් ඇඳීම මෙන්ම සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම එම උපදෙස්වලට ඇතුළත් ය.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ, උෂ්ණාධික කාලගුණය හමුවේ ළමුන් හා වැඩිහිටියන් වැඩිපුර ජලය පානය කළ යුතු බවයි

Related posts

වසර 12 ක් බන්ධනාගාරයේ සිටි LTTE රැඳවියෙකුට නිදහස

colombotoday

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 43කට පසු අලුත් වෙයි

colombotoday

පොලිස් කොස්තාපල්වරයෙක් සිය ගිනි අවියෙන් දිවිනසාගනී

colombotoday

ජනපතිවරු මාරු වුවත් ලංකාව පිළිබදව ඇමරිකානු ප්‍රතිපත්තියේ වෙනසක් නෑ

colombotoday

රනිල් අසනීප වේ.. කොමිසමෙන් නිහඬව පිටව යයි

colombotoday

මෛත්‍රීට ඕස්ට්‍රේලියා පත්තරෙන් එල්ලවූ දූෂණ චෝදනා වැරදියි… මහින්දට එල්ලවූ චෝදනා හරි… ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තිය මෙන්න

colombotoday