Colombo Today Local News

ඉඩම් අත් පත් කර ගැනීමේ අරමුණින් මිනී මරන්නෝ

මෙම දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන්නේ පැපුවා නිව්ගිනියා රාජ්‍යය තුළයි.

සැඟව සිට සිදුකළ වෙඩිතැබීමකින් පසුගිය සති අන්තයේදී පුද්ගලයින් 64 දෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ එම රට තුළ මෑතකදී වාර්තා වූ දරුණුතම ඝාතන සිද්ධිය මෙය බවයි සඳහන් වන්නේ.

විශේෂයෙන්ම එරට ප්‍රති විරුද්ධ ගෝත්‍රික කණ්ඩායම් අතර ප්‍රචණ්ඩ ක්‍රියා මේ වනවිට උග්‍ර වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගෝත්‍රික කණ්ඩායම් මෙලෙස සටන් වදින්නේ ඉඩම් සහ අනෙකුත් සම්පත් අත්පත් කර ගැනීමේ අපේක්ෂාවෙන් බවත් වාර්තා වේ.

ගෙවුණු වසරේ ජූලි මාසයේදී ද එන්ගා කලාපයේ ගැටුම් උග්‍ර වූ අතර ඒ හේතුවෙන් මාස තුනක් එම කලාපය මුළුමනින්ම වසාදැමීමට බලධාරීන් කටයුතු කළේය.

නීතිවිරෝධී ගිනි අවි මෙම කලාපයට ලැබීම හේතුවෙන් මෙසේ ගැටුම් උග්‍ර වන බව බලධාරීන් පැහැදිලි කරයි.

Related posts

ඝන්ටාර හොරකම් චෝදනාව පට්ටපල් බොරුවක්… මගේ ළග නැත්තේ ගෝඨාභය මහත්තයාගේ හඩපට විතරයි – රන්ජන්

colombotoday

කටාර් අවුලෙන් ගුවන් ගමන් නවතී.. කටාර් රියාල් මාරු කිරීමත් ගුවන්තොටුපොළ බැංකු ප්‍රතික්ෂේප කරයි

colombotoday

“නාගදීපයේ බුදු පිළිමය අපේ නිජබිමට තර්ජණයක්” ද්‍රවිඩ සන්ධානය අවි අමෝරයි

colombotoday

බොර තෙල් මිල පහළ යයි

Admin

“උතුර – නැගෙනහිර එක්කර ස්වයංපාලනයක් ඕනෑ“ – විපක්ෂ නායක ප්‍රසිද්ධියේ ඉල්ලයි

colombotoday

ජනපති මෛත්‍රී රුසියාවේ සංචාරයක ?

colombotoday