Colombo Today Local NewsUncategorized

ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන T20 දෙවන තරගය අද

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර දෙවැනි පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරග අද(19) පැවැත්වෙයි.

ඒ, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ය.

තරගාවලියේ පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 4ක ජයක් ලබා ගත්තේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරග 1ට 0ක් ලෙස පෙරමුණේ රැදී සිටියි.

තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු නංවා ගැනීමටනම් ඇෆ්ගනිස්ථානයට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.

තරගය අද රාත්‍රී 7ට ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ අද තරගයේ සහ අනිද්දා පැවැත්වෙන තුන්වැනි තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර මේ වනවිට අලෙවි වී අවසන් බව යි.

Related posts

වෛද්‍ය සේවා වෘත්තිය සමිති 16ක් එක්ව ආරම්භ කල වැඩවර්ජනය අවසන්

colombotoday

මුදල් අච්චු ගැහුවද? මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

Admin

හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

colombotoday

අල්ලස් ගත් අයි.පී.ට වැඩ වරදී

Admin

“එජාප නායකත්වය අයිති හාමුලාට,කබා අදින අයට විතරක් නෙවෙයි” – සජිත්

colombotoday

සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න අත්අඩංගුවට

colombotoday